Dec 25, 2014

24 Dec 2014
ලබන මාසයේ 4 වැනිදා 5 වැනිදා වන විට
අරලියගහ මන්දිරයේ ඉතිරි වෙන්නේ කැරපොත්තෝ මීයෝ ගෙම්බෝ විතරයි  -මෛත්‍රිපාල සිරිසේන

පක්‍ෂ කඩකඩ ශ්‍රීලනිපය විනාශ කරන්න හැදුවා  -  රනිල් වික්‍රමසිංහ
ගියවර අපි ලබාගත් ජයග්‍රහණය ආණ්‌ඩුව කොල්ල කෑවා  -  සරත් ෙµdන්සේකා
අපේ ලේ නහර උරාගෙන අධික කොමිස්‌ ගහගෙන පාරවල් හදනවා  - පාඨලී චම්පික රණවක
රාජපක්‍ෂ පවුල  සුරක්‍ෂිත වෙනකොට ජාතියම ලෝකයට ණයකාරයෝ වෙලා  -  අතුරලියේ රතන හිමි

ලබන මාසයේ 4 වැනිදා 5 වැනිදා වන විට අරලියගහ මන්දිරයේ ඉතිරි වෙන්නේ කැරපොත්තෝ, මීයෝ සහ ගෙම්බො විතරක්‌ බව තමාට ස්‌ථීරවම විශ්වාස යෑයි ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (22 වැනිදා) අගලවත්ත, බණ්‌ඩාරගම, මහරගම සහ ජාඇල දී පැවැති ජනහමුවලදී ප්‍රකාශ කළේය.
"එක්‌වෙමු - වෙනසක්‌ කරමු" යන තේමාව යටතේ මෙම ජනහමු පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය.
මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව තුළ ශ්‍රීලනිපයක්‌ නැහැ. බණ්‌ඩාරනායක ප්‍රතිපත්ති හෝ බන්ඩාරනායක දර්ශනයක්‌ නැහැ. සන්ධාන ආණ්‌ඩුවේ පක්‍ෂ නායකයින් කියන දේවල් ජනාධිපතිතුමා අහන්නේ නැහැ. පක්‍ෂ නායක රැස්‌වීම් පවත්වන්නේ නැහැ. මේ වනවිට 16 දෙනෙක්‌ අපේ පැත්තට ඇවිත් තිබෙනවා. රිෂාඩ් බදියුදීන් මහතා සහ අමීර් අලි මහතාත්, පළාත් සභා මන්ත්‍රීවරු 7 දෙනෙක්‌ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 69 දෙනෙක්‌ අද දිනයේත් අපි සමග අත්වැල් බැඳ ගත්තා.
ආණ්‌ඩුව අභ්‍යන්තරයේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක්‌ අද නැහැ. පාර්ලිමේන්තුවට, අධිකරණයට, රාජ්‍ය සේවයට, පොලිසියට අද කිසිදු බලයක්‌ නැහැ. ඒවා අකර්මණ්‍ය වෙලා තිබෙන්නේ. ස්‌ත්‍රි දූෂණ, ළමා අපචාර, මංකොල්ලකෑම් අද මේ රජයේ ආශිර්වාදය ඇතිව සිදු වෙනවා. ඒවායේ වැරදිකරුවන්ට දඬුවම් නැහැ. ඒවාට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූ මට ඒවා නතර කිරීමට අණ ලැබුණා. මුළු රටට අරාජික වුණා.
http://www.divaina.com/2014/12/24/news23.html
රටේ ඔබ දකින සුන්දර සංවර්ධනය අභ්‍යන්තරයේ තිබෙන්නේ එහි භයානක මුලාවක්‌. දූෂණයක්‌ සහ සූරාකෑමක්‌ බව කිව යුතුයි. රජයට ආදායම් ලැබෙන ප්‍රධාන ආයතන මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව යටතේ අකර්මණ්‍ය වුණා. සමෘද්ධිමත් ආර්ථිකයක්‌ රටට උදා කර දීමත් දුප්පත්කම තුරන් කිරීමත් අපි හදන ආණ්‌ඩුවේ මුඛ්‍ය අරමුණයි. නීතියේ ආධිපත්‍යය අපි ඇති කරනවා. අද නීතිය අසරණ වී අධිකරණයේ ස්‌වාධීනත්වය නැති වෙලා තිබෙනවා. මැතිවරණ නීති කඩකරමින් රජය හැසිරෙනවා. මැතිවරණයක්‌ උදා වූ විට රාජ්‍ය නායකයා එහි අපේක්‍ෂකයා වූ විට මේ විදිහට ලෝකයේ කොහේවත් මැතිවරණ නීති කඩන්නේ නැහැ. මැතිවරණ නීතියට ගරු නොකරමින් අහස උසට කටවුට්‌ ගහන්න, ලයිට්‌ කණුවක්‌ කණුවක්‌ පාසා පෝස්‌ටර් ගහන්න, ප්‍රතිවිරුද්ධ මැතිවරණ වේදිකා ගිනි තියන්න කාටද පුළුවන්.


සංවර්ධනයේ සුන්දරත්වයට වඩා අමානුෂික විදිහට ප්‍රජාතන්ත්‍රවාදය සූරාකමින් තිබෙනවා. පාර්ලිමේන්තුව අකර්මණ්‍යයි. රාජ්‍ය සේවය, පොලිසිය විනාශයි. තනි පවුලක පාලනයේ අනිසි ප්‍රතිඵල තමයි ඒ. මැතිවරණ ප්‍රකාශය තැපැල් ඡන්දයට කලින් ආණ්‌ඩුවට ඉදිරිපත් කරන්න බැරි වුණා. මොන තරම් ආණ්‌ඩුවේ මැතිවරණ යාන්ත්‍රණය විනාශ වෙලාද? මැතිවරණ ව්‍යාපාරය අඩපණ වෙලා. ආණ්‌ඩුව මාස 06 කට කලින් මැතිවරණ ව්‍යාපාරය පටන් ගත්තත් තැපැල් ඡන්දයට කලින් ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරන්න බැරි වුණා. ජනවාරි මාසේ 4 වැනිදා 5 වැනිදා වන විට අරලියගහ මන්දිරයේ ඉතිරි වෙන්නේ මීයෝ, කැරපොත්තෝ, ගෙම්බෝ පමණයි. ආණ්‌ඩුව අතුලෙ ඉඳගෙනම සමහරු ආණ්‌ඩුවට විරුද්ධව කටයුතු කරනවා. තවත් පිරිසක්‌ ප්‍රසිද්ධියේ අපිට එකතු වෙනවා. උඩිනුත් ගහනවා යටිනුත් ගහනවා. ජනාධිපතිතුමා මේවා දැනගෙන දැනටමත් පරාජය භාර ගෙන තිබෙනවා. ඡන්ද දූෂණ මංකොල්ලකෑම් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. බය නැතිව ලබන 08 වැනිදා හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගසන්න.

රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසේ වැටුප් වැඩිවීම අපි ස්‌ථීරයෙන්ම ලබා දෙනවා. රාජපක්‍ෂ පාලනය ඉවත් කිරීමට අද ප්‍රබල ලෙස ජනමතයක්‌ ගොඩනැගී තිබෙනවා.
එජාප හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා - නීතිය ගැන පොත් ගණනාවක්‌ රචනා කර ඇති විජයදාස රාජපක්‍ෂ මහතාට රාජපක්‍ෂ නීතිය ගැනත් පොතක්‌ ලිවීමට දැන් කාලය එළැඹ තිබෙනවා. පළමු වතාවට ශ්‍රීලනිප මහ ලේකම් වෙනුවෙන් ඔබ හමුවට අප පැමිණියා. එජාපයට කලක්‌ විරුද්ධ වුණු ජාතික හෙළ උරුමයත් ශ්‍රීලනිප මහ ලේකම් වෙනුවෙන් මේ වේදිකාවේ එකට එකතු වී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ඒ වගේම ආණ්‌ඩුවෙන් ගැලවිලා එන පිරිස්‌ද මෛත්‍රිපාල මහතා වෙනුවෙන් අද වේදිකාවේ ඉන්නවා. බහු පක්‍ෂ ක්‍රමයක්‌ අප අතරේ ඇතිවී තිබෙනවා.

විධායක ජනාධිපති ක්‍රමය හදපු අය අතරින් අද ජීවතුන් අතර සිටින්නේ මා පමණයි. විධායක බලය යොදා ගෙන රට වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ ඉටු කළ නායකයෝ ඉතිහාසයේ සිටිය. ඡේ. ආර්. මහතා ඒ අතරින් සුවිශේෂයි. චන්ද්‍රිකා මැතිනිය ඒ බලය යොදා ගෙන යාපනය අල්ලා ගත්තා. ඒත් දෙවතාවයි බලය ඉල්ලුවේ. මහින්ද රාජපක්‍ෂ තුන්වැනි වරටත් බලය ඉල්ලනවා. ඔහුට දැන් ගෙදර යන්න අවස්‌ථාව ලබා දිය යුතුයි.

නිදහස්‌ අධ්‍යාපනය, නිදහස්‌ සෞඛ්‍ය අද නැහැ. රට සංවර්ධනය කරනවා කියමින් මොකක්‌ද කළේ පාර්ලිමේන්තුවේ බලය කප්පාදු කරමින් ඒ බලය තමන්ගේ නමට ලියා ගත්තා. පක්‍ෂ කඩ කඩ ශ්‍රීලනිපය විනාශ කරන්න හැදුවා. ආණ්‌ඩුවේ එන්ජිම ලෙස පැවැති ශ්‍රීලනිපය වෙනුවට අද තිබෙන්නේ රාජපක්‍ෂ එන්ජිමක්‌. ස්‌වාධීන කොමිෂන් සභා අපි ඇති කරනවා. රටට යහපාලනය ගෙන එනවා. සිංහල අවුරුද්දෙන් පසු අපි මහ මැතිවරණයකට යනවා. එදාට වැඩිම ඡන්ද ගණනක්‌ ලබා ගන්නා පක්‍ෂයේ නායකයාට අගමැතිකම ලැබෙනවා. ඒ ආණ්‌ඩුවෙන් ඉන්ධන මිල, ගෑස්‌ මිල සහ අත්‍යවශ්‍ය භාණ්‌ඩ දහයක මිල අඩු කරනවා. යාපනයේ රත්‍රන් භාණ්‌ඩවලට මොනවා වුණාද කියලා අපි දන්නේ නැති වුණත් ඔබ බැංකුවට උකස්‌ තියපු රත්‍රං භාණ්‌ඩ අපි බේරලා දෙනවා. සමෘද්ධිය සියයට දෙසීයකින් වැඩි කරනවා. ජනතාවගේ මුදල් පරිහරණය වැඩි කරනවා.
හොඳ ආදායම් ලැබෙන රැකියා සහ ස්‌වයං රැකියා ලක්‍ෂ දහයක්‌ ඉදිරි වසර 5 තුළ අපි ඇති කරනවා. යුරෝපීය, ඇමෙරිකා සහ ඉන්දීය වෙළෙඳපොළට භාණ්‌ඩ යවන කර්මාන්ත ශාලා අපි ඇති කරනවා. සීතාවක කර්මාන්තපුරය මෙන්ම කටුනායක සහ බියගමද එකට එකතු කර ආර්ථික කලාප වැඩි දියුණු කරනවා. නැව් නැති හම්බන්තොට වරායට නැව්ද, මත්තල ගුවන් තොටුපළට ගුවන් යානාද එන යන විදිහට අපි වැඩ කරනවා. පිනට එන සුද්දො වෙනුවට සල්ලි තිබෙන සුද්දො ලංකාවට ගෙන්වා ගන්නවා. විරැකියාව නැති කර ආදායම් මාර්ග දෙගුණයක්‌ කරනවා. බුලත් කොළයට ඡන්දය දීලා එක පවුලක්‌ හදනවාද හංසයාට ඡන්ද දීලා ඔබේ පවුල හදනවාද කියලා ඔබ තීරණයකට එළඹෙන්න.

හිටපු යුද හමුදාපති ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෙµdන්සේකා මහතා - ගිය වර අපි ලබාගත් ජයග්‍රහණය මේ ආණ්‌ඩුව කොල්ල කෑවා. එදා අපි අනිවාර්යයෙන් ජයග්‍රහණය කළ බවයි මම හිතන්නේ. මහරගමට පැමිණ මගේ වේදිකාවට ගොඩවීමට එදා මට විනාඩි 45 ක්‌ ගත වුණා. ඒ තරම් ජනගඟක්‌ අප වටා සිටියා. ඒත් මෙවර නම් හංසයාගේ ජයග්‍රහණය කොල්ල කන්න අපි ආණ්‌ඩුවට ඉඩ දෙන්නේ නැහැ.

වසර 2 1/2 පොල් සම්බෝලයි බතුයි කන්න මට මේ පාලකයා උරුම කළා. ඒත් මම වැටුණේ නැහැ. බලය තිබෙන පුද්ගලයා බලය නැති පුද්ගලයාට පහර දීම බියගුළු නිවටකමක්‌ විදිහටයි මා දකින්නේ. එජාපයේ හිටපු මහලේකම්ට මුදල් ඉස්‌සරහ අලියා විතරක්‌ නොවේ අලියගෙ නැට්‌ටත් අමතක වෙලා ගිහින් ජනාධිපතිගේ කකුල ලෙව කන්න ගත්ත. මගේ බෑණව බේරා ගන්න කියලා ජයන්ත කැටගොඩ අපෙන් ගියා. ජයන්ත කැටගොඩ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයද? අපිටත් ඔය වගේ දේවල්වලට කතා කළා. ඒත් මම කවදාවත් ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ පෞද්ගලික ඕනෑ එපා කම් වෙනුවෙන්.

ජනතාව බලාපොරොත්තු වෙන්නේ ආශ්චර්යය නොවේ. මූලික මිනිස්‌ අයිතිවාසිකම් කාගේවත් බලපෑමකින් යුතුව ඉටු කර ගැනීමට අවශ්‍ය පසුබිමක්‌ තමයි ජනතාව ඉල්ලන්නේ. හතර ගාතෙන් දේශපාලකයෝ ළඟ වැටෙන දේශපාලන සංස්‌කෘතිය අපි නතර කරනවා. ඒ වෙනුවෙන් තව අවුරුදු දහයක්‌ පහළොවක්‌ වුණත් හිරබත් කරන්න අපි සූදානම්.

රතුපස්‌වලදී වතුර ඉල්ලූ ජනතාවට, කටුනායකදී ඊපීඑµa ගැන කතා කළ සේවකයන්ට ආණ්‌ඩුව පිළිතුරු දුන්නේ තුවක්‌කුවෙන්. අහිංසක අයිතීන් වෙනුවෙන් සටන් කරන ජනතාවකට වෙඩි තියන්න තරම් මේ ආණ්‌ඩුව කෙතරම් කුරිරු මට්‌ටමට වැටිලද? මුහුදු නගරයක්‌ දැන් හදනවා.

එයට ඇතුල් වෙන්න දුප්පත් ජනතාවට පුළුවන්කමක්‌ නැහැ. ඒක බලන්න ඕනෑ නම් ගල්කිස්‌ස පැත්තේ පොල් ගහකට නගින්න ඕනා දුර බලන කණ්‌ණාඩියකුත් ඇස්‌ දෙකේ දාගෙන. මේ රටේ මුදල් වලින් සියයට 90 ක්‌ තිබෙන්නේ පාලකයා සහ ඔහු වටා සිටින ගැත්තන් යටතේයි. සියයට 95 ක්‌ ජනතාව අතේ තිබෙන්නේ සියයට 10 ක මුදලක්‌ පමණයි. අද පොල් ත්‍රිකෝණයක්‌ නැහැ. ඒ වෙනුවට තිබෙන්නේ තණකොළ ත්‍රිකෝණයක්‌. රටට එන හිඟන සුද්දොa ප්aලේන්ටිය තුනට බෙදා ගෙන බොනවා. ඉතින් කොහොමද රටක්‌ සංවර්ධනය වෙන්නේ?

අද රජ කරන කැලෑ නීතිය වෙනුවට ජනතාව රජ කරන නීති පද්ධතිය ක්‍රියාත්මක කරනවා. ආයේ මේ රටේ කොටි නැගිටින්නෙ නැහැ. ඒත් පාලකයා ළඟ ඉන්න කොටි පැටව් ටික ගැන ආණ්‌ඩුව මුකුත් කියන්නේ නැහැ. අවුරුදු 8 ක්‌ මේ රට දූෂණයෙන්, භීෂණයෙන් පිරී ගියා. ඒ රට නිදහස්‌ව නිවහල්ව ඔබ අතට පත් කිරීමේ වගකීම අපි භාර ගන්නවා. මම තියා මගේ බලු පැටියෙක්‌වත් මේ ආණ්‌ඩුවේ රැකවරණයට යවන්නේ නැහැ. ආණ්‌ඩුවේ හුස්‌ම වැටෙන තැනකටවත් මම යන්නේ නැහැ.

ජාතික හෙළ උරුමයේ ලේකම් හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා - 2005 දී මහින්ද රාජපක්‍ෂ මහතාට බලයට එන්න උර දුන්, කරදුන් කවුරුවත් 2015 දී එතුමා ළඟ නැහැ. මුළු රටෙන්ම කෙළෙහි ගුණ ඉල්ලන ජනාධිපතිතුමාගේ කෙළෙහිගුණය ගැන ඒකෙන්ම හිතා ගන්න පුළුවන්. යුද්ධයෙන් පසු මේ රට කොරියාව, ජර්මනිය වගේ සංවර්ධිත රටවල් බවට පත් වෙනු ඇතැයි අපි හිතුවා. ඒත් එහෙම වුණේ නැහැ. රට තව තවත් අරාජිකත්වයට ගමන් කළා.

කැසිනෝ මාµsයාව, සිදු කරන පුද්ගලයා තමයි ගල් අඟුරු ගෙන්වන්නේ. ගල් අඟුරු ගෙන්වීමේදී සිදු කරන වංචාව දූෂණය බලාගෙන ඉන්න බැරිව මම විදුලිබල ඇමැතිකමෙන් ඉවත් වුණා. වකුගඩු රෝගය නිසා ගොවීන් මැරි මැරී යනවා. ජනාධිපතිතුමා මේවාට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක්‌ ගත්තේ නැහැ. අධිරාජ්‍යවාදය ගැන කතා කරමින් බටහිර සිගරැට්‌ කොම්පැණි රකිනවා. එක ටෙලිෙµdaන් කෝල් එකකින් අධිකරණ තීන්දු වෙනස්‌ කරනවා. කාර්පට්‌ කරන පාරවල්, රේල් පාරවල්, කොන්ක්‍රීට්‌ පාරවල් පිටුපස භයානක කතාවක්‌ තිබෙනවා. අපේ ලේ නහර උරා ගෙන අධික කොමිස්‌ ගහගෙන තමයි මේ පාරවල් හදන්නේ.

මාතර සිට බෙලිඅත්තට හදන දුම්රිය මාර්ගයේ කිලෝමීටරයකට ලක්‍ෂ 14300 ක්‌ වැය වෙනවා. දඹ රනින් හදන්න පුළුවන්. රත්රන් කිලෝ 7600 ක්‌ ඒ මුදලට ගන්න පුළුවන්. ආශ්චර්යයේ හැටි තමයි මේ. මත්තල ගුවන් තොටුපළේ මාසික ආදායම රුපියල් 16000 යි. ඒත් ලක්‍ෂ දෙලක්‍ෂ හැත්තෑදාහක්‌ මත්තල හදන්න ගියා. අවුරුදු එක්‌ලක්‍ෂ හතළිස්‌ දාහක්‌ යනවා මහින්ද මත්තලට ගත්ත ණය ගෙවන්න විතරක්‌. කල්ප ගණනක්‌ ණය ගෙවන්න වෙනවා. කළු කපුටා සුදා වෙන තුරු, මත්තල ණය ගෙවෙනතුරු එකසිය විස්‌සට දෙසිය විස්‌සක්‌ ආයුබෝ වේවා කියලා තමයි දැන් කියන්න වෙන්නේ.

අපේ ආණ්‌ඩුවකින් මුලින්ම කරන්නේ පෙට්‌රල්, ඩීසල් බදු අයින් කරන එකයි. මුළුÊරටේම බදු ආදායමෙන් තුන් දෙනෙක්‌ විතරක්‌ යෑපෙනවා. එයාලගෙ සපත්තු කුට්‌ටමක්‌ රුපියල් දෙලක්‍ෂ පනස්‌දහයි. සැමන්, පරිප්පු, සීනි විතරක්‌ නොවේ කොත්තමල්ලි කිලෝ එකකිනුත් රුපියල් 202 ක්‌ මේ ආණ්‌ඩුව බදු ගහනවා. රාජපක්‍ෂ ආණ්‌ඩුව හොරකම් කළ හැම රුපියලක්‌ම අපි ආපසු ලබා ගන්නවා. ත්‍රස්‌තවාදයට යළි හිස ඔසවන්න, ත්‍රස්‌තවාදයට මේ රට යළි බෙදන්න අපි කිසි දවසක ඉඩ දෙන්නේ නැහැ. ඒකීයභාවය රකින්න අපි ඉන්නවා. අපි මේ රට විදේශයකට අයිති වෙන්න දෙන්නේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි - එක පවුලකට සුරක්‍ෂිත හෙටකුත්, රටටම අනාරක්‍ෂිත හෙටකුත් තමයි මේ පාලනය දිගටම පැවැතුණහොත් අපට උරුම වෙන්නේ. මහින්ද රාජපක්‍ෂ පවුල සුරක්‍ෂිත වෙනකොට මුළු ජාතියම ලෝකයට ණයකාරයින් වෙලා. යුද්ධය ගැන කියමින් හැමදාම ඒක විකුණමින් මේ ආණ්‌ඩුව රැකෙන්න උත්සාහ කරනවා. තවත් ඒක විකුණන්න එපා.

ජාතික හෙළ උරුමය නොවන්නට මහින්ද රාජපක්‍ෂ මහතාට කවදාවත් මේ රටේ අගමැති වෙන්නවත්, ජනාධිපති වෙන්නවත් ලැබෙන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ලෙස පත් වී මුලින්ම සිදු කළේ ජිනීවා ගොස්‌ එල්ටීටීය සමග සාකච්ඡා කිරීමයි. සාකච්ඡා වලින් බැහැරව යුදමය විසඳුමක්‌ මේ රටට අවශ්‍ය බවත්, ඒ සඳහා ජනාධිපතිවරයා පෙළඹුවෙත් ජාතික හෙළ උරුමයයි. අස්‌ථාවර රටක්‌, කැඳ හැළියක්‌ වැනි බොරු නොකියා අප සමග විවෘත සංවාදයකට එන ලෙස ජනාධිපතිවරයාට අපි කියනවා. අන්‍යාගමීකරණ පනත වැළැක්‌වූයේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මහින්ද රාජපක්‍ෂ බුද්ධාගමට සැලකුවෙ එහෙමයි. ලොකු බුදු පිළිම, ලොකු චෛත්‍ය හැදුවට බුද්ධාගම දියුණු වෙන්නේ නැහැ. ආමිසය මුල් කර ගත් බොරු පුරාඡේරුවක්‌ මිස සැබෑ ප්‍රතිපත්ති මුල් කර ගත් බෞද්ධ දර්ශනයක්‌ මේ රජයට නැහැ.

කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල් මහතා - අපේ රට යම් විපත්තියකට වැටෙන විට නායකත්වය දුන්නේ මහ සංඝරත්නයයි. සුද්දන්ගෙන් රට බේරා ගන්නා විට වගේම එල්ටීටීඊයෙන් රට බේරා ගැනීමටත් නායකත්වය දුන්නේ මහා සංඝරත්නයයි. එදා මාවිල්ආරු සොරොව්ව එල්ටීටීඊය වසා දැමූ අවස්‌ථාවේදී තම ජීවිතය පරදුවට තබා එල්ටීටීඊයේ ම්ලේච්ඡ අඩවියට මුලින්ම අභීතව වැඩියේ පූජ්‍ය අතුරලියේ රතන හාමුදුරුවොයි. එදා සොරොව්ව විවෘත වුණෙත් යුද්ධය අවසන් වුණෙත් රතන හිමියන්ගේ ඒ වීරෝදාර ක්‍රියාව නිසාවෙනුයි. මෙවරත් රතන හාමුදුරුවෝ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ආණ්‌ඩුවේ සොරොව්ව ඇරලා තිබෙනවා. දැන් හෝ ගාමින් ජන ගඟ අපේ පැත්තට එනවා. මේ ගමන නවත්වන්න කාටවත් බැහැ.


මහින්ද රාජපක්‍ෂ කොටින්ට සල්ලි දීලා තමයි ජනාධිපතිකම ගත්තේ. බෞද්ධ කොඩිය බදා ගෙන සිංහ කොඩිය බදා ගෙන රටේ ජනතාව නොමග යවන සෙල්ලමක්‌ තමයි රාජපක්‍ෂ ආණ්‌ඩුව කරන්නේ. මේ රඟපෑමට රැවටෙන්න එපා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා - අද අපේ රටේ පාර්ලිමේන්තුව අන්තිම පහළ තැනට වැටිලා. ඒ වගේම රටේ දේශපාලන ක්‍රමයත් පහළට වැටිලා. මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයන් මුදලට වෙන්දේසි වෙනවා. මහින්ද රාජපක්‍ෂ මහතා ගැන පමණක්‌ නොව මේ ආණ්‌ඩු ක්‍රමය පිළිබඳව අපිට ප්‍රශ්නයක්‌ තිබෙනවා. රට ප්‍රථමව, පක්‍ෂය දෙවනුව යන න්‍යායට මුල් තැන දී පොදු අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් කිරීමේ තීරණයට අපි ආවා. අපේ රටේ ස්‌වාධීන අධිකරණයක්‌ අද නැති බව මුළුÊලෝකයම දන්නවා. ස්‌වෛරීත්වය යන වචනය කොළ කෑල්ලකට පමණක්‌ සීමා වෙලා වැඩක්‌ නැහැ. මේ තත්ත්වය වෙනස්‌ කිරීමට ඔබගේ ඡන්දයේ බලය පෙන්වන්න. පොදු ප්‍රශ්නයට පොදු විසඳුමක්‌ සෙවිය යුතුයි. ඒ වෙනුවෙන් අපි පොදු අපේක්‍ෂකයකු තෝරා ගත්තා. ඖෂධ පනත, සේනක බිබිලේ ප්‍රතිපත්තිය අතුරුදන් කර ඇති බව මෛත්‍රීපාල මහතා ආණ්‌ඩුවේ සිටියදී මට පැවසුවා. ඒ වගේම සෞඛ්‍ය සේවයේ මාµsයාවක්‌ ක්‍රියාත්මක වන බවත් ඔහු මට එකල පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට උත්තර දුන්නා. ඒ අනුව තමයි අපේ පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රීපාල මහතා තෝරා ගත යුතු බවට අපි මුලින්ම තීරණය කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා - අද අපේ රටට එරෙහිව තිබෙන්නේ යුද විරුවන්ව පෝරකයට ගෙන යන කුමන්ත්‍රණයක්‌ නොවේ. යුරෝපයේ එල්ටීටීඊ තහනම ඉවත් කිරීමට ආණ්‌ඩුව විරුද්ධ නොවීම පිටුපස තමයි සැබෑ කුමන්ත්‍රණය තිබෙන්නේ. මේ පිටුපස තිබෙන්නේ කේ පී සමඟ එකතු වී යුරෝපයෙන් මුදල් ගැනීමයි. 8 පාස්‌ නැති අධීක්‍ෂණ මන්ත්‍රීන් ලව්වා මහාචාර්යවරුන්ව අධීක්‍ෂණයට ලක්‌ කෙරෙන පාලනයක්‌ තමයි අද රටේ තිබෙන්නේ. ජාත්‍යන්තරය අද රාජපක්‍ෂ ආණ්‌ඩුවට ඇහුම්කන් දෙන්න සුදානම් නැහැ. 1948 න් පසුව මේ රටේ සිදු කළ විශාලම ජාත්‍යන්තර පාවා දීම සිදු වුණේ 1991 වසරේදී මහින්ද රාජපක්‍ෂ මහතා අතිනුයි. එකල එතුමා ජිනීවාවලට ගොස්‌ කේළම් කිව්වා රටේ මානව හිමිකම් කඩ වෙනවා කියලා ඒ ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ කරන ලෙසට. අපි ආණ්‌ඩුව හදලා තිබෙනවා. ඒ වගේම අපි ආණ්‌ඩු කඩලත් තිබෙනවා. මෙවර අපි හදන්නේ ඊට වෙනස්‌ අලුත්ම ආණ්‌ඩුවක්‌ බව කියන්න කැමැතියි.

කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා - යුද්ධය නිමා කිරීම හා රට සංවර්ධනය කිරීම පාලකයාගේ යුතුකමක්‌. ඒත් එදා ඇති කරගත් කිරි කළයට අද ගොම බිඳු එකතු වී තිබෙනවා. එහෙම තිබියදී අපට එතන තවත් ඉන්න බැහැ. මගේ ආරක්‍ෂාව ඉවත් කරලා. මගේ ගෙදර පරික්‍ෂාවට පොලිසියෙන් එව්වා. මගෙ µයිල් හොයනවා. µයිල් අරගෙන අපව බය කරන්න හදනවා. අපි ඔය දේවල් වලට බය නැහැ. මම මැරෙන්න බය මිනිහෙක්‌ නොවේ.

No comments:

Post a Comment