Dec 25, 2014

25 Dec 2014
සිරිකොත ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයට ප්‍රහාරයක්‌ 
සිරිකොත අබියස සාමකමී උද්ඝෝණෂණයක නිරතවූ තම සංවිධානයේ සාමාජිකයන්ට සංවිධානාත්මක පිරිසක්‌ විසින් මාරාන්තික ලෙස පහර දුන් බවත් ඡන්දයක්‌ අබියස යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කතා කරන අවස්‌ථාවක එක්‌සත් ජාතික පක්‍ෂය මෙවැනි පහරදීමක්‌ කරයි කියා කිසිලෙසකින්වත් හිතුවේ නැති බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා පැවසීය.
තම සංවිධානයේ 800ක පමණ පිරිසකට සිරිකොත ඉදිරිපිටදී මුජිබර් රහුමාන් ප්‍රමුඛ පිරිසක්‌ තම සංවිධානයේ සාමාජිකයන් සමග කිසිදු කතා බහක්‌ සිදු නොකොට පොලුවලින්, බෝතල්වලින් මාරාන්තික ලෙස පහර දුන් බවත් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා කියා සිටියේය.
මෙම පිරිස ඉතාමත් මාරාන්තික ලෙස අපිට පහර දෙන නිසා අපේ සංවිධානයේ සාමාජිකයන් තුන් පැත්තකට දිව ගියා. එහි කොටුවූ පිරිසට සිරිකොත ඇතුළෙන් විශාල ගල්, කළුතෙල් ප්‍රහාර හා බෝතල් ප්‍රහාර එල්ල කළ බවද බණ්‌ඩාර මහතා ප්‍රකාශ කළේය. ඉන් කිහිපදෙනෙකුට සිරිකොත ඇතුළේදී පහරදී තිබෙන බවද ඒ මහතා කියා සිටියේය.
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අත්සන් කළේ යෑයි කියන ගිවිසුමට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (24දා) පෙරවරුවේ සිරිකොත ඉදිරිපිට පැවැත්වූ සාමකාමී උද්ඝෝaෂණයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතාගෙන් දිවයින කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

http://www.divaina.com/2014/12/25/news22.html

පහරදීමට මැරයන් යෙදවූයේ ආණ්‌ඩුවයි"- රනිල් වික්‍රමසිංහ
සිරිකොතට පැමිණි උගත්, බුද්ධිමත් පිරිසට පහරදීමට ආණ්‌ඩුව මැරයින් පිරිසක්‌ යෙදවූ බව එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24 දා) පැවසීය. එක්‌සත් අධ්‍යාපන සේවක සංගමයේ වාර්ෂික හමුව ඊයේ සිරිකොතදී පැවැත්වෙන අවස්‌ථාවේදී එම ස්‌ථානයට ආණ්‌ඩුවේ පිරිසක්‌ ගෙන්වා මෙම මර්දනකාරී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ බවද ඒ මහතා කීය.විපක්‌ෂයට උගතුන් අවශ්‍ය වුවද ආණ්‌ඩුවට අවශ්‍ය වී ඇත්තේ මැරයන් බවත් රනිල් වික්‍රමසිංහ මහතා එම හමුවට සහභාගි වෙමින් සඳහන් කළේය

http://www.divaina.com/2014/12/25/news04.html

විමල්ගේ මැරයින්ට ප්‍රහාරයක්... සේවකයනුත් බිලිදෙයි

මෙහිදී දෙපිරිස අතර බෝතල් සහ ගල් ප්‍රහාර එල්ල කරගනිමින් පවතී. විමල් වීරවංශ ඇමතිවරයා මෙහෙයවන ජාතික සංවිධාන එකමුතුව විසින් මෛත්‍රී - රනිල් ගිවිසුමක් ඇතිය පවසමින් එයට එරෙහිව විරෝධතාවය පළ කරන මුවාවෙන් අමාත්‍යාංශ සේවකයන් යොදාගනිමින් සිරිකොතට මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ඒ ආසන්නයේ පොලීසිය රැඳී සිටින අතර ඔවුන්ට තත්වය පාලනය කර නොහැකි මට්ටමක පවතින බව වාර්තා‍ වේ.
මෙම විරෝධතාවය සඳහා GI8272 දරණ වෑන් රථයෙන් ඉංජිනේරූ සංස්ථාවේ සේවකයන් ප්‍රවාහනය කළ බව මේ වනවිට හෙළිදරුව් වී තිබේ.........photos

No comments:

Post a Comment