Dec 25, 2014

25 Dec 2014
වීදියේ විරෝධයට පහර දුන්  තවත් සිව් දෙනෙක්‌ දැලේ
වීදියේ විරෝධය නාට්‍ය කණ්‌ඩායමට හම්බන්තොට නගරයේදී අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනෙක්‌ හම්බන්තොට පොලිසිය මගින් ඊයේ (24 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ හම්බන්තොට නගරාධිපති එරාඡ් ප්‍රනාන්දු මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඉකුත් 21 වැනිදා දහවල් ගායන ශිල්පි ජයතිලක බණ්‌ඩාර මහතා ඇතුළු සිවිල් සංවිධාන කීපයක සාමාජිකයන් හම්බන්තොට නගරයේදී සාමකාමීව වීදි නාට්‍යයක්‌ ප්‍රදර්ශනය කර අත්පත්‍රිකා බෙදා හැර තිබිණි.
එහිදී සැකකාර නගරාධිපතිවරයා ඇතුළු පිරිසක්‌ දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී ජයතිලක බණ්‌ඩාර මහතා ඇතුළු පිරිසකට අමානුෂික ලෙස පහර දී තිබේ.
එහිදී තුවාල ලැබූ ජයතිලක බණ්‌ඩාර ඇතුළු කීප දෙනකු රෝහල්ගත කර තිබූ අතර තවත් කීපදෙනෙක්‌ බාහිර ප්‍රතිකාර ලබා ගත්හ.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර හම්බන්තොට පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

http://www.divaina.com/2014/12/25/news21.html

No comments:

Post a Comment