Dec 14, 2014

13 dec 2014   ජනාධිපති
කෙනකුට දොස්‌ කිය කියා අපහාස කරනවාට වඩා
අපට රට වෙනුවෙන් කරන්න විශාල කාර්ය භාරයක්‌ තියෙනවා

-
ජනාධිපති, අකුරැස්‌ස මාතර හා කෝට්‌ටගොඩ ජනහමු අමතමින් කියයි


කෙනෙකුට මඩ ගැසීමත්, දොස්‌ කීමටත් අපහාස කිරීමටවත් වඩා අපට රට වෙනුවෙන් කරන්න ස්‌ථිර වැඩ පිළිවෙලක්‌ ඇති බවත් එය ක්‍රියාත්මක කිරීම අපගේ කාර්යය බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා එසේ පැවසුවේ ඊයේ (12 වැනිදා) අකුරැස්‌ස මාතර සහ කෝට්‌ටේගොඩ ප්‍රදේශවල පැවැති ජන රැළිවලට සහභාගි වෙමිනි.
එහිදී ජනාධිපතිවරයා මෙසේ ද කීවේය......
අපි අනුරාධපුරයේ ජන හමුවක්‌ පැවැත්වූවා. එයට ලක්‍ෂ සංඛ්‍යාත ජන ගඟක්‌ සහභාගි වුණු ඓතිහාසික දැවැන්ත රැස්‌වීමක්‌, අපේ මැතිවරණ ව්‍යාපාරය අපි අනුරාධපුරයෙන් ආරම්භ කරලා ඊළඟට ආවේ අකුරැස්‌සට ඔබව මුණ ගැහිලා හමුවෙලා යන්නයි. අකුරැස්‌ස ප්‍රදේශයම දේශපාලන වශයෙන් ඓතිහාසික ප්‍රදේශයක්‌. හැම අතින්ම අකුරැස්‌ස ඓතිහාසිකයි.

දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ මහත්මයා, සිරිසේන මහත්වරු වගේ සම්භාවනීය නායකයෝ නියෝජනය කරපු ආසනයක්‌ තමයි අකුරැස්‌ස කියන්නේ. අපේ ඊළඟ වාරය තුන්වැනි වාරය පළමුවැනි කාර්යය භාරය වන්නේ ඔබේ අකුරැස්‌ස නගරයට නව නගරයක්‌ ලබා දීමයි. අපේ කාර්යය භාරය අනිවාර්යයෙන්ම ඉටු කරන්න සූදානම් වෙලා ඉන්නවා.

අපට විශාල කාර්යය භාරයක්‌ රට වෙනුවෙන් කරන්න තියෙනවා. අපට තියෙන්නේ කෙනෙකුට මඩ ගහන එකවත් දොස්‌ කිය කියා ඉන්න එකවත් අපහාස කර කර ඉන්න එකවත් නෙමෙයි. අපට රට වෙනුවෙන් කරන්න ස්‌ථිර වැඩ පිළිවෙළක්‌ තියෙනවා. අපි ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා.

මේ රටේ ඉන්න සියලු දෙනාටත් ඔබේ දරුවාගේත් ඉපදෙන්න ඉන්න දරුවා වෙනුවෙනුත් මේ රට ආරක්‍ෂා කර ගැනීමේ වගකීම අපිට තියෙනවා. කිසිවිටෙකත් මේ රට කොටස්‌වලට කඩා කෑලි කෑලිවලට කඩන්න ඉඩ දෙන්න බෑ. අපි විනාශ වුණු රටක්‌ එක්‌සේසත් කළා. අවුරුදු 30 ක තියුණු යුද්ධයක්‌ අවසන් කරලා මේ රටට සාමය උදා කරලා දුන්නා. එදත් අකුරැස්‌ස ප්‍රදේශයට කොටි ඇවිල්ලා ගොඩපිටිය ජුම්මා පල්ලිය අසල පහර දීම් සිදු කළා. අපේ මහින්ද විඡේසේකර ඇමතිතුමා අදත් ආබාධිත තත්ත්වයට පත් කළේ කවුද? එසේ කළේ කොටි ත්‍රස්‌තවාදීන්. අන්න ඒ වගේ ලංකාව පුරා විහිදුණු පැතිරුණු එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයක්‌ තිබුණා.

අපේ රටේ ජනතාව බියෙන් සැකෙන් අවුරුදු 30 ක්‌ ජීවත් වුණා. මේ වෙනකොට ඒ ත්‍රස්‌තවාදය නැති කරලා නිදහස ලබා ගෙන අද රට සංවර්ධනය කරලා රටේ විශාල වෙනසක්‌ ඇති කරලා තියෙනවා. අපි මේ වෙනස ඇති කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ ඔබේ දරුවාගේ අනාගතය මහින්දොaදය විද්‍යාගාර හදලා දීලා විද්‍යා අධ්‍යාපනය ලබා දීලා රට දිනන්න ලෝකය දිනන්න පුළුවන් දරු පිරිසක්‌ බිහි කරවීම තමයි අපේ අරමුණ. අපි ඔවුන් වෙනුවෙන් මේ රට ආරක්‍ෂා කර ගන්න යන වෙලාවේ සහාය ලබා දීමට සෑම දෙමව්පියකුගේම සෑම සහෝදර සහෝදරියකුගේම යුතුකමක්‌ හා වගකීමක්‌ වෙනවා.

කෝට්‌ටේගොඩ සුදුවැල්ල ධීවර වරාය වසර ගණනාවක සිට ඔබට තිබුණු සිහිනයක්‌. කිහිප වතාවක්‌ම මෙයට මුල්ගල් තැබුවා. මුල්ගල් තැබුවේ නැත්තේ මම පමණයි. මම කිව්වේ වැඩ පටන්ගන්න කියලා. සුදුවැල්ලටත්, නිල්වැල්ලටත් මුදල් වෙන්කර තිබුණේ නැහැ. අපි තමයි ඊට මුදල් වෙන් කළේ.

පසුගිය කාලේ මෙහි වැඩ අතපසු වුණා. මෙයට මිලියන 200 ක්‌ තව අවශ්‍යයි ඒ කාර්යය ඉටුකරන්න අපි ඒ මිලියන 200 ඔබට අනිවාර්යෙන්ම ලබාදෙනවා. එවිට මේ වරාය අංග සම්පූර්ණ වරායක්‌ බවට පත්වෙනවා. එයින් මේ පළාත නැවත ගොඩ නැගෙනවා. පෙර කිසිදු යුගයක මේ පළාතට කිසිදු වරායක්‌ තිබුණේ නැහැ. අපි තමයි ඒවා එකින් එක හදලා දුන්නේ. ඒ නිසා අද ධීවර ජනතාවට සහන සලසා දී තිබෙනවා වගේම ස්‌ථාවර මිලක්‌ ලබාදීම සඳහා පැහැදිලි නියෝග නිකුත් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බිලියන 2000 ක මුදලක්‌ අපි වෙන් කරලා සංස්‌ථාවට ලබාදීලා තිබෙනවා. ඔබගේ මිල කුමන වෙලාවක හෝ සමාගම්කරුවන් අඩු කළොත් වහාම සංස්‌ථාව මැදිහත් වී මිලදී ගත යුතු යෑයි අප උපදෙස්‌ දී තිබෙනවා.

එක යුගයක අපට මේ රටේ පාරේ බැහැලා යන්න බැරිවුණා. ඒ යුගය අද අවසන් වෙලා. ත්‍රස්‌තවාදීන්ට බයේ බිම් බෝම්බය කොයි වෙලාවේ පිපිරෙයිද කියන බිය තිබුණා. ඒ යුගය අවසන් වෙලා 2009 ත්‍රස්‌තවාදය පරාජය කළාට පසු රටේ සාමය උදාවෙලා. දැන් ඔබේ දරුවාට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදෙන්න පුළුවන්. බියෙන් හා සැකෙන් තොරව ජීවිතයක්‌ ගත කරන්න පුළුවන් සමාජයක්‌ ගොඩනැඟීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල දියත් කර තිබෙනවා. ඒ නිසා අද මහින්දොaදය විද්‍යාගාර ලබාදීලා අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ දරුවාට උගන්වන්න, ඔබේ දරුවා බෝට්‌ටුවක නග්ගලා යවන්න නෙවෙයි. අපට අවශ්‍ය අපට ඕනෑ ඔබේ දරුවා වෛද්‍යවරයෙක්‌, ඉංජිනේරුවෙක්‌, නීතිඥයෙක්‌, මේ රටේ උගත් ලෝකය ජයගන්න පුළුවන් දරුවෙක්‌ බවට පත්කරන්න.

ඒ සඳහා ඔබට කළ හැකි සෑම උපකාරයක්‌ම ලබාදීමට අපි පියවර ගන්නවා. ඒ අපේ වගකීම. ඒ සඳහා ඔබ කැපවෙන්න ඕනෑ. අපේ දරුවාගේ අනාගතය සඳහා අපි කැපවීම් කළ යුතුව තිබෙනවා. ඒ යුගය අද ඇවිත් තිබෙනවා. අපි රටක්‌ සංවර්ධනය කරගෙන යන වෙලාවට එය ආපස්‌සට ඇදලා ගන්න ඉඩ තියන්න පුළුවන් කමක්‌ නැහැ. අද ඔබේ මාළු ටික පැය 02 ක්‌ යනකොට කොළඹට ගෙනයන්න පුළුවන්. එදා පැය හයක්‌ ගිය ගමන අද පැය දෙකෙන් යනවා. එහෙම තත්ත්වයක්‌ ගොඩනගලා තිබෙනවා. රටක සංවර්ධනයක්‌ තිබෙන්න ඕනෑ. සංවර්ධනයක්‌ නැතිව රටක්‌ ඉදිරියට ගෙන යන්න බැහැ. ඒ වැඩපිළිවෙල අපි දියත් කර තිබෙනවා.

රටක නීතියක්‌ තිබෙන්න ඕනෑ. අපි නීතියත් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මේ රටේ දරුවන්ට හොඳ ලෝකයක්‌ බිහිකර දෙන්න ඔබ අප හා එක්‌වන්න කියන ඉල්ලීම මම කරනවා. මේ අමාත්‍යාංශය මට පුරුදු අමාත්‍යාංශයක්‌, සරත් ගුණරත්න මහතාට අපි මෙය භාරදුන්නා. එතුමාට ඒ පිළිබඳව හොඳ අවබෝධයක්‌ තිබෙනවා. ඒ නිසා ඔබ අප හා මේ ගමන යන්න අත්වැල් බැඳගන්න. මේ වරාය පමණක්‌ නොව නිල්වැල්ල වරායේ හා ගන්දර වරායේ අඩුපාඩු අපි සම්පූර්ණ කරනවා. මේ විදිහට අපි දිගටම මේ පළාතේ වැඩ කරගෙන ගියාම ඔබට කිසිදු අඩුවක්‌ වෙන්නේ නැහැ. මේ විෂය පිළිබඳව මම හොඳින් දන්නා නිසා ඔබට කිසිදු අඩුපාඩුවක්‌ සිදුවන්නේ නැහැ.

ඔබට සුබ අනාගතයක්‌.

මෙම අවස්‌ථාවට යෞවන කටයුතු හා නිපුණතා ඇමැති ඩලස්‌ අලහප්පෙරුම පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර, රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, සමුපකාර හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර, වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් චන්ද්‍රd රාජපක්‍ෂ, දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර, දකුණු පළාත් ක්‍රීඩා ඇමැති වීරසුමන වීරසිංහ,

අකුරැස්‌ස ප්‍රාදේශීය සභාවේ සභාපති ඉඳුනිල් ජයවීර, අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් සිල්වා යන මහත්වරු ඇතුලු පළාත් සභා මන්ත්‍රීවරු රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගී වූහ. මෙම අවස්‌ථාවට වැඩම කළ මහා සංඝ රත්නය ජනාධිපතිතුමන්ට ආසිරි පතා පිරිත් නූල් බැඳීමක්‌ ද සිදු කළහ.

No comments:

Post a Comment