Jan 8, 2015

නි. ඇමැතිගේ ලේකම්ලා දෙදෙනා රිමාන්ඩ්

07 Jan 2015
ත්‍රිකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයාගේ රාජකාරියට බාධා කර සහකාර තේරීම් භාර නිලධාරියකුට ප්ලාස්‌ටික්‌ පුටුවකින් පහර දීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමල පොලිසියට භාර වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ මහතාගේ ලේකම්වරුන් දෙදෙනා මෙම මස 12 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරට පත් කරන ලෙස ත්‍රිකුණාමලය මහෙස්‌ත්‍රාත් ටී. සරවනරාජා මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ නියෝජ්‍ය ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් බී. එන්. එස්‌. සී. විඡේවර්ධන හා අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්. ඒ. ටී. එස්‌. ඩී. රත්නායක යන දෙදෙනායි.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ත්‍රිකුණාමලය- මහනුවර මාර්ගයේ පිහිටි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන කාර්යාලය ඉදිරිපිට වීඩියෝ දර්ශන පෙළක්‌ ප්‍රදර්ශනය කිරීම නැවැත්වීමට ගිය අවස්‌ථාවේදී මැතිවරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් "බී" වාර්තාවක්‌ මගින් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.

http://www.divaina.com/2015/01/08/news09.html

No comments:

Post a Comment