Dec 15, 2014

15 Dec 2014
විනය ගරුක රටක්‌ හදනවා
ජනාධිපති


තුන්වැනි වරට තමන් ජනවරමක්‌ ඉල්ලා සිටින්නේ විනයගරුක සමාජයක්‌ රටේ ස්‌ථාපිත කිරීමට යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (13 දා) මාතලේ නගරයේ පැවැති ජනහමුවකදී පැවැසීය.
2005 වසරේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ යුද්ධය නැති කර සාමය උදාකර දී රටේ ඒකීය බව ඇති කිරීමට බවත් ඉන් අනතුරුව 2010 දී තමන් ආවේ රට සංවර්ධනය කිරීමට බවත් හෙතෙම සඳහන් කළේය.

අභියෝග ජය ගැනීමට හැකි වූවා සේම මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණයත් සමඟ විනයගරුක සමාජයක්‌ රටේ ස්‌ථාපිත කර ලොව ජයගත හැකි අනාගත පරපුරක්‌ ඇති කරන බව මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රාජපක්‍ෂ මහතා මෙසේ ද කීය.
රටක්‌ දියුණු කරන්න නම් හැමදාම එක තැන පල්වෙන්න දෙන්න බෑ. අපි ගතවුණු කාලේ මේ රටේ අධිවේගී මාර්ග හදන්න, ගම්බද පාරවල් කාපට්‌ කරන්න, රෝහල්වල, පාසල්වල තත්ත්වය ඉහළ නංවන්න විශාල වැඩ කොටසක්‌ කළා.
දැන් අපේ බලාපොරොත්තුව විනයගරුක සදාචාර සම්පන්න රටක්‌ හදන එකයි. අපට සංස්‌කෘතිය තියෙනවා. අපි ඒක රැකගන්න ඕනෑ. ඒ හරහා අපි ඉදිරියට යන්න ඕනෑ. ගමේ පාසල, කෝවිල, පල්ලිය මුල්කරගත්ත ගුණ දහමින් යුක්‌ත සමාජයක්‌ රටේ හදන්න ඕන යෑයි මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.........

http://www.divaina.com/2014/12/15/news04.html

No comments:

Post a Comment