Dec 15, 2014

15 Dec 2014
ණවිරුවන්ට පිඟන් හෝදන්න දෙන්නේ නෑ- මෛත්‍රී කියයි
කුරුණෑගලදී අද (14) පැවති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජන හමුවකදී මෙරට සිදුවන දූෂණ වංචා හෙළි කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා රැස්ව සිටි පිරිස ඇමතීය.
ළඟ හිටපු අය මහ රජාණනි කියල ගීත ගයන කොට මහින්ද රාජපක්ෂ මහත්තයට හිතෙන්න ඇති ඇත්තටම රජෙක් වෙන්න. රාජකීය හීනයක් තිබුණට මේ රටේ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. එතුමට ඒක අමතක වුණා. ඒක අපිට අමතක කළ නොහැකි නිසා රාජිත ඇමතිතුමා, මම හොරකම, නාස්තිය, දූෂණයට විරුද්ධව එළියට බැස්සා.
අද කරන සංවර්ධන වැඩ අපි එකක්වත් නවත්වන්නේ නෑ. මීට වඩා විනිවිදභාවයකින් යුතුව මේ මුදල්වලින් මීට වඩා තුන් ගුණයක් වැඩ අපි කරනවා.
ව්‍යාපෘතියක් හදද්දී ඇස්තමේන්තු කරන්නේ 2/3 ක් ඇරලා. ඒවා පැත්තක සිටින අයගේ සාක්කුවට. උතුරු දුම්රිය මාර්ගය හදන්න මුලින්ම කිලෝමීටරයකට රුපියල් මිලියන 44 ක් තමයි ඇස්තමේන්තු කළේ. ඒ වෙනුවට රුපියල් මිලියන 340 ක් දාලා අලුතින් ඇස්තමේන්තු හදල තමයි ඒක හැදුවේ.
අපි හදන අලුත් ආණ්ඩුව හැම රජයේ සේවකයකුටම ඔළුව උස්සල ඉන්න පුළුවන් විදියට ස්වාධීනව ඔළුව උස්සන ආර්ථිකයක් හදනවා. පෞද්ගලික අංශයේ රැකියා කරන ලක්ෂ 24 ට අපේ අලුත් ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුප් ලබා දෙනවා. අවම වැටුපක් ලබා දෙනවා. විදෙස් ශ්‍රමිකයන්ට ස්ථිරවම විශ්‍රාම වැටුපක් ලබා දෙනවා.
අද රණවිරුවන් පිඟන් හෝදනවා. ගල් කඩනවා, ලොක්කන්ගේ ගෙදර තණකොළ කපනවා. අද රණවිරුවා කම්කරුවෙක් කරලා. නිල ඇඳුමට ගරුත්වයක් දී ත්‍රිවිධ හමුදාවේ සැමදෙනාටම සැබෑ ගෞරවය අපි දෙනවා. ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ට ගරුත්වයක් සහිතව වෘත්තීයේ නියැලෙන්න ඉඩ සලසනවා.
තාරුණ්‍යයට හෙටක් බාලගිරි දෝෂය වගේ. තාරුණ්‍යයට අදක් නෑ හැමදාම හෙටක් විතරයි. අසරණ ජනතාවගේ සල්ලි වලින් කෝටි දහස් ගාණක් වියදම් කර ඇඹිලිපිටියේ අලුත් ජනාධිපති මන්දිරයක් හැදුවා. අලුත් හෙලිකොප්ටර් 6 ක් ගෙනාවා. වෙනම එක එක්කෙනාට පයිලට්ල වෙන්කරගත්තා. රටක ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මම ජීවිතය පූජා කරන්න ලෑස්තිවෙලයි මේ සටනට බැස්සේ............

No comments:

Post a Comment