Dec 12, 2014

11 Dec 2014
Udaya is a clever politician
2014-12-11 12:23:44

JHU General Secretary and ex-Minister Patali Champika Ranawaka commenting on the decision of party strongman Udaya Gammanpila to support government said ‘He is a clever politician. I wish him all the best. Let people decide what kind of a political leadership this country needs now’.
  - See more at: http://www.dailymirror.lk/58735/ill-decide-champikaert#sthash.b4Racv38.dpuf
.....................................................................................................................................
උදය ගම්මන්පිල හෙළ උරුමයෙන් ඉවත්වුනේ ප්‍රතිපත්තිමය කාරණයක් මත
ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් හා බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර උදය ගම්මන්පිලමහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී ඇත.
ඒ සම්බන්ධයෙන් එම පක්ෂය පවසනුයේ උදය ගම්මන්පිල මහතා ඉවත්වූයේ ප්‍රතිපත්තිමය කාරණයක් මත බව දැනුම් දී ඇති බවයි.
ජාතික හෙල උරුමය මේ සම්බන්ධයෙන්  නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් පලවේ.
 ජාතික හෙළ උරුමයේ ප‍්‍රතිපත්තිය වූයේ අද ලංකාවේ ප‍්‍රමුඛ ජාතික කාර්යභාරය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය ස්ථාපිත කිරීම බව ය. ඒ අනුව, විධායක ජනාධිපති ධූරය සතු අත්තනෝමතික බලතල සංශෝධනය කිරීම හා අධිකරණ, මැතිවරණ හා දූෂණ වංචා මැඩලීම පිළිබඳ ස්වාධීන කොමිසම බිහිකිරීම මූලික විය. මේවා සිදු කරන නිශ්චිත ආකාරය අවසන් වශයෙන් තීරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි. එමෙන් ම, පවතින මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මෙය ජනාධිපතිවරණයට පෙර ඉටුවිය යුතු බව ද, දෙන්නම් කාසිවලට වැඩ කළ නො හැකි බව ද අපගේ පක්ෂ සම්මේලනයේ දී (2014 ඔක්තෝබර් 19 දින) ප‍්‍රකාශ කළේ ද උදය ගම්මන්පිල මහතා ය. අප ගේ යෝජනාව තවත් එක පොරොන්දුවක් ලෙස වසර 2005 දී හා 2010 දී ඉදිරිපත් වූ ලෙස මැතිවරණ පොරොන්දුවක් ලෙස 2014 දී ද මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම කිසිසේත් පිළිගත හැකි තත්වයක් නොවුණු හෙයින් ඒ පිළිබඳව පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග එක`ගතාවයක් ඇති කර ගනු ලැබී ය. පොදු සන්ධානයේ කවර බලවේග සිටිය ද ඒවා ඉටුකර ගැනීමේ හැකියාව ජාතික හෙළ උරුමය සතුවන බව අපගේ විශ්වාසයයි.

මේ දිනවල ආණ්ඩුවෙන් පිටතට යන අය, ඇතුළට එන අය, සිය තීන්දු, ප‍්‍රතිපත්ති මත ගත් බව, හෘද සාක්ෂිය මත ගත් බව ප‍්‍රචාරය කළ ද ඒ පිළිබඳ ජනතාව තුළ විවිධ මතවාද පැතිර යමින් ඇත. උදය ගම්මන්පිල මහතා මේ තීරණය ගත්තේ එයින් කවර හේතුවක් මත දැයි අපි නො දනිමු. ඒ මහතා ගේ තීරණය අවසාන වශයෙන් ජනතාව විසින් යුක්ති යුක්ත කරනු ඇතග

No comments:

Post a Comment