Dec 12, 2014

12 Dec 2014    ජනාධිපති
ඊයේ අනුරාධපුර මංගල රැලියේදි...


ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මංගල ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය ඊයේ (11 දා) අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඡායාරූපයේ දැක්‌වෙන්නේ එම රැලියට ජනතාව පෙළපාලියෙන් ගමන් කළ අයුරුයි.
..............................................................................................................................
මහින්දගේ මංගල රැලිය
දැන් කතා කරන්න දෙයක්‌ නැහැ
අපේ ජයග්‍රහණය බොහොම පැහැදිලියි

අපේ ලේකම් ගත්තා අපිත් ලේකම් ගත්තා
ඕනෙ නම් රනිලුත් ගන්න පුළුවන්
අපේ අත්වල කුණු නෑ ලේ ගෑවිලා නැහැ

http://www.divaina.com/2014/12/12/news21.html







සමහරුන් වෛරයෙන් ක්‍රෝධයෙන් අපට මඩ ගසනවා. අපි ගැන බලන්න කොමිෂන් දානවා කියනවා. අපි ඒ අයට කියන්න කැමැතියි, ඕනම කොමිසන් එකකට මුහුණ දෙන්න අපි සූදානම්. අප ඊට බිය නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේ දී ඊයේ (11 දා) පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මංගල ජනරැලිය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

අති විශාල ජනකායක්‌ එක්‌වූ මෙම ජනහමුව අමතා වැඩිදුරටත් කථා කළ ජනාධිපතිවරයා මෙසේද කීය.

මේ අනුරාධපුර ක්‍රීඩාංගණයට රැස්‌ව සිටින මහා ජනගඟ දැක්‌කම කතා කරන්න දෙයක්‌ නෑ. ජයග්‍රහණය බොහොම පැහැදිළියි. මේ ක්‍රීඩාංගණයට මේ අයුරින් ජනතාව රැස්‌වෙලා පෙන්වන්නේ ද්‍රෝහීන්ට ඔවුන්ගේ ඇති විරෝධය. අද මෙතන ජනතාව තද වෙවී හැප්පි හැප්පී ඉන්නේ. පසුගියදා මහනුවරදී තිබිණු රැස්‌වීමට උත්තර දෙන්න අප යන්නේ නෑ. ඒ උත්තරය තමුන්නාන්සේලා දීලා ඉවරයි. දේශපාලන වශයෙන් මඩගහලා අපහාස කරලා දේශපාලනය කරන්න බැහැ. මේක ජනමත විමසුමක්‌ නොවෙයි. ඔවුන්ගේ මුළු කතාවෙම කියන්නේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන එක. ඒක කළ හැක්‌කේ ජනතාවගේ කැමැත්ත විමසන ජනමතවිචාරණයකින්. මේක ජනාධිපතිවරණයක්‌. මේක ඊට වඩා ගැඹුරුයි.

අද මේ අයට කියන්න දෙයක්‌ නැහැ. පාරවල් හදලා දෙනවා කියන්නද, විදුලිය දෙනවායි කියන්න පුළුවන්ද? රට සංවර්ධනය කරනවා, යුද්ධය ඉවරකරනවා කියන්නද? මේ සේරම අපි ඉටුකරලා තියෙන්නේ. හැබැයි කොටියෝ තාම ඉන්නවා. මෙහෙ නොවේ පිටරට හැංගිලා ඉන්නේ.

ජගත් මානව හිමිකම් කොමිසම අද අපෙන් ඉල්ලලා එවනවා කවුද හමුදාවට අණදෙන නිලධාරියාගේ සිට අණදෙන්නෙ කවුද? ඔවුන්ට අවශ්‍ය සේනාධිනායකයා කවුද කියලා අහන්න. මම බොහොම පැහැදිලිව කියනවා අපේ හමුදාව සිවිල් වැසියන් කිසිදිනක ඝාතනය කළේ නැහැ. අපි කාටවත් හමුදාවේ කවුරුත් හේග් නුවරට අරන්යන්න විදුලි පුටුවට ගෙනයන්න දෙන්නේ නෑ.

අද අපි අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. එම අයවැයෙන් මේ රටේ තරුණ තරුණියන් 1,50,000 කට රැකියා දෙන්න ලෑස්‌ති කර තිබෙනවා. එය ලබන වසරේ අනිවාර්යයෙන් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

දැන් මේ වෙලාවේ එජාප යේ හිටපු මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා වේදිකාවට එනවා. මේක තමයි සහෝදරවරුනි අපෙන් එකෙක්‌ ගත්තොත් අපිත් කෙනෙක්‌ ගන්නවා. අපේ ලේකම් ගත්තා. අපිත් ලේකම් ගත්තා. දැන් ඕන නම් රනිලුත් ගන්න පුළුවන්. එක කෝපි කොප්පයයි රනිල් මෙතන. අපි ඩොලර් ගණන් වියදම් කරන්නේ නෑ. මේ එන අයට මොකුත් දුන්නෙ නෑ. එක කොප්පයයි දුන්නේ.

අපේ අයට කෙළින් හිටගන්න පුළුවන්. චන්ද්‍රසේන ඇමැතිතුමා සෙනග ගෙන එන්නත් දන්නවා. සෙනග නවත්වන්නත් දන්නවා. මෙතරම් විශාල සෙනගක්‌ රැස්‌කිරීමට කටයුතු කළ දිස්‌ත්‍රික්‌කයේ සියලුම ආසන සංවිධායකවරුන්ට මගේ ස්‌තූතිය පුද කරනවා. මෙය අනාගතය ගැන තීන්දු කරන මැතිවරණයක්‌. අපට දර්ශනයක්‌, අලුත් පරිච්ඡේදයක්‌ තිබිය යුතුයි. යුද්ධය ඉවර කර දෙන්න කියල නේද තමුන්නාන්සේලා මගෙන් ඉල්ලා සිටියෙ. සිරිමා බෝධියට පහරදුන්නු, ගම්වල මිනිසුන්ට කැති පහරදුන්නු, ගැබිනි මව්වරුන් මරාදාපු කුරිරු ත්‍රස්‌තවාදය මර්දනය කර දෙන්න කියල මගෙන් ඉල්ලුවෙ. අපි ඒක කළා. අපි කරනවා කිව්වොත් කරනවා. අවුරුදු 30 ක කාලයක්‌ තිබූ යුද්ධය ඒ කාලේ හිටපු නායකයන්ට ඉවර කරන්න බැරිවූ යුද්ධය ඒ යුද්ධය අපි අවුරුදු හතරකින් අවසන් කළා.

ඊළඟට කිව්වෙ රට සංවර්ධනය කරනවා කියලා. අපි ඒකත් කළා. දැන් අනුරාධපුර සිට කොළඹට පැය දෙකෙන් යන්න පුළුවන්. මැදවච්චියට පැය භාගයෙන් යන්න පුළුවන්. අපි ඊළඟ බලාපොරොත්තුව සෑම ගමකට පානීය ජලය ලබාදීමයි. මේක අපි මුළු රටේම කරනවා. ලංකාවේ එහා කෙළවරේ සිට මෙහා කෙළවර දක්‌වා සෑම ගමකටම, නගරයකටම ජලය දෙන්න අපි අවශ්‍ය කටයුතු දියත් කර තිබෙනවා.

වකුගඩු රෝගීන් එක එක්‌කෙනාට මුදල් ලබාදී වැඩක්‌ නෑ. වකුගඩු රෝගය වැළැක්‌වීමට වැඩපිළිවෙළක්‌ සකස්‌ කරනවා වගේම වකුගඩු රෝගියකුට මාසයකට රුපියල් තුන්දහසක මුදලක්‌ මෙවර අයවැයෙන් ලබාදුන්නා. අපි සංවර්ධනය ගැන විතරක්‌ නොවෙයි ජනතාව ගැනත් බලල තියෙනව. වතුර ටික දීල මේ වකුගඩු රෝගයත් අවසන් කරනවා.

අඩු ආදායම් ලාභීන්ට රුපියල් සියයේ දීමනාව දැන් රුපියල් දහසක්‌ කර තිබෙනවා. එය රුපියල් දෙදහසක්‌ කරනවා. අපි සෑම ආබාධිත දරුවෙකුටම ඉගෙන ගැනීමට දීමනාවක්‌ දෙනවා. අපි මේව කළේ මේ රටේ මිනිසුන්ගේ හදවත දකින නිසා. අපි පන්සලකට ගිය විට අම්මලාගෙ ප්‍රශ්නවලට අපි සවන් දෙනව. ඒ ප්‍රශ්න අනිකුත් අයටත් ඇති කියලා හිතාගෙන ඒවට විසඳුම් ලබා දෙනවා.

අපි මේ අයවැය හැදුවේ සීත කාමරවල ඉඳල නොවෙයි. ජනතාව අතරට ගොස්‌ ජනතාවගේ හදවතට ඇතුල්වෙලා අයවැයේ තිබෙන හැම දෙයක්‌ම හැම වචනයක්‌ම කියන්න වෙලාවක්‌ නෑ. ජනතාවට දෙන දේවල් මම ඒ කිව්වේ. තරුණයා වෙනුවෙන් විතරක්‌ නොවෙයි අධ්‍යාපනය ලබන ඔබේ දරුවන් වෙනුවෙන් අවශ්‍ය දේ කර තිබෙනවා. ඔබට මහින්දොaදය විද්‍යාගාර ගමට ගෙනල්ලා දරුවන්ට තොරතුරු තාක්‍ෂණය දීමට, විද්‍යාඥයින් බිහි කිරීමට ලෝකයට ගිහින් ලෝකය ජයගන්න පුළුවන් දරුවන් මේ ප්‍රදේශයෙන් බිහිවී තිබෙනවා. ඒ ජනතාවට අපේ ගෞරවය පුද කරනවා. අපි තමුන්නාන්සේලා වෙනුවෙන් ඉන්නවා.

සමහර නෝනල වෛරයෙන්, ක්‍රෝධයෙන් මඩ ගහනවා. අපි ගැන බලන්න කොමිෂන් දානව කියනවා. ඕනම කොමිෂමක්‌ දාන්න අපි කොමිෂන්වලට බය නෑ. අපේ අත්වල කුණු නෑ. ලේ ගෑවිලා නෑ. එහෙම නම් අපේ අත කපල දානවා.

රටට විනයක්‌ අවශ්‍යයි. සාරධර්ම අවශ්‍යයි. රට සංවර්ධනය කරන ගමන් විනය සාරධර්ම අනාගත පරපුරට උගන්වන්න ඕන. ඒ තුළින් තමයි රටක්‌ ඉදිරියට යන්නෙ. අපිත් එක්‌ක ඒ සඳහා අත්වැල් බැඳ ගන්න. මොරගහකන්ද ජල යෝජනා ක්‍රමයේ ජලය මෙහාට එනවිට වැව් ටික පිරෙයි. එවිට නියඟය පරාජය කරන්න පුළුවන්. හිසරදයට කොට්‌ටේ මාරු කරන්න වගේ කටයුතු කරන්න බෑ. ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ අස්‌ථාවර කරන්න ඉඩ දෙන්න බෑ. අපි දන්නවා, මැදපෙරදිග ඊජිප්තුව, ඉරාකය, ලිබියාව වගේ රටවල්වලට වෙලා තිබෙන දේවල්. මේ තත්ත්වය අපේ රටට ගෙන එන්න පුළුවන් කමක්‌ නෑ. ඔබ ඒවට ඉඩ දෙන්නෙත් නෑ.

අපි පුද්ගලයෝ නොවෙයි එකතුවී තිබෙන්නෙ දේශපාලන පක්‍ෂ. කැඩීගිය පුද්ගලයො නොවෙයි. ඒ පැත්තට එකතුවූ අය දැන් මේ පැත්තර ටික ටික ආපසු එනවා. මහින්ද චින්තන ඉදිරි දැක්‌ම පැහැදිළි වැඩ සටහනක්‌. ජාතිය, රටේ ඒකීය භාවය ආරක්‍ෂා කරමින් රට ඉදිරියට ගෙනයන්න තුන්වැනි වරටත් මම ඔබගෙන් වරම ඉල්ලනවා. ඔබ සියලු දෙනා එකාමෙන් කටයුතු කරන්න. ඉවසීමෙන් මෙම ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක්‌ කරගන්න සූදානම් වන්න.

අගමැති දි.මු. ජයරත්න මහතා- අනුරාධපුරය මේ රටේ ශේ්‍රෂ්ඨතම භූමියයි. ඒ භූමියෙන් තමයි ජනාධිපතිතුමාගේ ජනපතිවරණ මංගල රැලිය ආරම්භ වුණේ. ජනාධිපතිතුමා 2005 බලයට පැමිණ වසර 30 ක්‌ පැවැති යුද්ධය නිමාකර රට සංවර්ධනය කර ආසියාවේ ආශ්චර්ය බවට පත් කළා.

මේ මහා ජන රැලිය දෙස බැලුවම ජනාධිපතිතුමා ඡන්ද 22 ලක්‍ෂයකට වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනවා. එදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පළමු ලේකම් අලුවිහාරේ ගියා. සී.පී. ද සිල්වා, දහනායක, අනුර බණ්‌ඩාරනායක, ඉලංගරත්න යන මහත්වරු සහ චන්ද්‍රිකා මහත්මිය ගියා. පක්‍ෂයට එක අබමල් රේණුවකින් හානි වුණේ නැහැ. ඒ නිසා මේ පොඩි සුරංගනාකාරයෝ ගියාට මේ පක්‍ෂය වැටෙන්නේ නැහැ.

මේ ගිය පිරිස්‌ කියනවා රටේ දූෂණය තියෙනවා කියලා. විධායක ජනාධිපති ධුරය ඉවත්කරන්න ඕනලු. කරපු දූෂණවත් විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට හේතු කිසිවක්‌ කියන්නේ නෑ. මේ කිසි දෙයක්‌ කියන්නේ නෑ. මේ අයට අවශ්‍ය රට බෙදලා රට අස්‌ථාවර කිරීමයි. ඒකට මේ රටේ බුද්ධිමත් ජනතාව කිසිදාක ඉඩ තබන්නේ නෑ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා- 2005, 2010 දීත් ජනාධිපතිතුමාගේ මැතිවරණ රැලියට මම සහභාගි වුණා. නමුත් අද 2005, 2010 ටත් වඩා දැවැන්ත ජන සහභාගිත්වයක්‌ ඇති රැලියකට සහභාගි වන්නේ.

එදා වසර 30 ක්‌ තිබූ එල්ටීටීඊ ත්‍රස්‌තවාදයෙන් වැඩියෙන්ම බැටකාපු පීඩා විඳි ජනතාවක්‌ සිටියේ මේ ප්‍රදේශවල. එදා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියට ත්‍රස්‌තවාදීන් එල්ල කළ ප්‍රහාරයෙන් 200 ක්‌ පමණ පිරිසක්‌ ඝාතනය වුණා. ඒ ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත්වෙන්න කලින් එතුමා 2005 ජනාධිපති වෙලා මාවිල්ආරුවලින් මානුෂික මෙහෙයුම ආරම්භ කළා.

එදා කොටි ත්‍රස්‌තවාදීන් අනුරාධපුර කැබිතිගොල්ලෑවේදී එල්ල කළ බස්‌ බෝම්බයෙන් 62 ක්‌ මියගියා. එදා එම සිද්ධිය වී පැය දෙකක්‌ තුනක්‌ යන්න කලින් ජනාධිපතිතුමා එම ස්‌ථානයට ගියා. එහෙම මේ රටේ කිසිදු නායකයෙක්‌ ඒ විදියට ගියේ නෑ. කැබිතිගොල්ලෑවේදී වූ සිද්ධියෙන් ජනතාව අෙ¹aනා දෙන විට ජනාධිපතිතුමා දයාබර පියෙක්‌ ලෙස අධිෂ්ඨාන කර ගත්තා මේ රටින් ත්‍රස්‌තවාදය තුරන් කරනවා කියලා. එදා කරගත් අධිෂ්ඨානය අනුව ජනාධිපතිතුමා විදේශ බලවේගවල අභියෝගයන්ට හිස නොනමා රට ත්‍රස්‌තවාදයෙන් මුදා ගත්තා.

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා - සිරිසේන මහත්තයෝ මහනුවර පැවති ඔබේ රැලියට හිටපු සෙනගයි අද අනුරාධපුරයට ගලාවිත් රොද බැඳගත් මහා ජන ගඟයි දෙක එකට තිබ්බොත් ලබන 9 වැනිදාට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය නියතයි. එදාට අපිට කියන්න වෙන්නේ අයියෝ සිරිසේන කියලයි.

රට ආරක්‍ෂා කරපු නායකයා දිනු රට ගොඩනඟන දිනවන නායකයා දිනවන්න මේ රජරට දරුවෝ, දෙමව්පියෝ වගේම මේ මව්බිමට ප්‍රේම කරන සියලු දෙනා ලෑස්‌තියි.

මේ අනුරාධපුර ක්‍රීඩාංගණය ට රොක්‌වී සිටින මහා ජනගඟ දැක්‌කම සිරිසේන මහත්තයට තේරෙයි ඇන්දේ මෝදිට නොවෙයි කියලා. මෝදිගෙ ජැකට්‌ එක ඇඳල බලපු ඔහු තව ටික දිනකින් චන්ද්‍රිකාගේ හැට්‌ටෙත් අඳියි.

මේක විකට ඇඳුම් තරගයක්‌ නොවෙයි. මේක රටට එකම එක නායකයා තෝරන ඡන්දය. මෝදිට නොවෙයි ඔබාමට ඇන්දත් ඔය අවුල් හවුලට රට බාරදෙන්න මේ රටේ ජනතාව සූදානම් නෑ.

ඡන්දෙ පටන්ගත්තේ මෙහෙන් අරන් වුණාට ඉවර කරන්නේ එහෙන් ගන්න තියෙන ඔක්‌කෝමත් අරගෙනයි. ගම්මන්පිල ආවා. හෙළ උරුමය ගන්නා තීරණයට පිටුපාලා. දැන් ගිය අයත් එන කාලේ මේ අලුතෙන් අය එන කාලේ නොවෙයි. මේ මහා ජනගඟ දැක්‌කම අනිච්චේ දුක්‌ඛේ සංසාරේ කියලා හිතේවි. මේක ෆේස්‌ බුක්‌, රූපවාහිනි චැනල්වල තියෙන කෘත්‍රිම බලය නොවෙයි. මේක තමයි ගමේ ජනතාවගේ රට රකින නායකයා ආරක්‍ෂා කරන ජනතාවගේ බලය.
මේ අවුල් හවුලට රට බාරදෙන්නෙ කාගේ හරි ඔලුව අවුල්වෙලාද? නෑ. යන්න පටන්ගන්නේ තිස්‌ස අත්තනායකගෙන් අන්තිමට ඉතුරුවෙන්නේ රනිල් විතරයි. එතුමා ඉතුරු කරනවා විපක්‍ෂ නායකකමට කෙනකු ඕන නිසා.

ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පහස ලබන මේ භූමියේ ජීවත් වන මේ ජනතාව මේ මහා ජනබලවේගය ලබන 8 වනදාට අනුරාධපුරය දිස්‌ත්‍රික්‌කයෙන් ජනාධිපතිතුමාට සියයට 60 ක්‌ නොව සියයට 70 ක්‌ ලබාදී සන්ධානය ඉහළට ඔසවා තබනවා. ඒ ගැන සැකයක්‌ නැහැ.

එජාපයේ හිටපු මහ ලේකම් සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතා - මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‌ෂක ලෙස තැනින් තැන අත්සන් කරන ගිවිසුම් පිළිබඳ ප්‍රශ්න ගණනාවක්‌ මට තියෙනවා. එජාපය සමග එක අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කළා. ඒවා පිළිබඳව ජනතාව දැනුවත් කරන්නේ නෑ. හෙළ උරුමය දෙමළ සන්ධානය සමග ගිවිසුම් අත්සන් කළා. මෙතන තියෙන භයානකම දේ හොර රහසේ හොරෙන් ගිවිසුම් අත්සන් කර බලාපොරොත්තුවන ජයග්‍රහණය කුමක්‌ද යන්නයි. දෙමළ සන්ධානය සමග ඇතිකරගත් ගිවිසුම් ජනතාවට කියන්නේ නෑ. ජනතාවට වසන් කර ගිවිසුම් අත්සන් කර මොවුන් ජයග්‍රහණය කළොත් වෙන අවුලට ඉඩදෙන්න පුළුවන් කමක්‌ නැහැ.

එජාපයේ හිටපු මහලේකම් ලෙස මේ ගමනට උරදෙන්න එකතුවුණේ මම බලාපොරොත්තු වූ එජාප ආණ්‌ඩුවක්‌ දැකීමේ බලාපොරොත්තුවේ විශ්වාසය නැතිවූ නිසයි. පක්‌ෂය ගමන් කරන හැටි දැක්‌කම මට මේ තීරණය ගන්න සිදුවුණා. ජනාධිපතිවරණ දෙකක්‌ පැවැත්වුණා ලක්‌ෂ සංඛ්‍යාත ජනතාවක්‌ ඉන්න එජාපයට අපේක්‌ෂකයෙක්‌ ඉදිරිපත් කරවීමට බැරි තරම් බංකොළොත් වෙලා.

උතුරු මැද පළාතේ ප්‍රධාන ඇමැති එස්‌. එම්. රංජිත් සමරකෝන්, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන, ඇමැති තිස්‌ස කරල්ලියද්ද, මහජන එක්‌සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදුලි බල හා බලශක්‌ති අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහ ලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, වයඹ පළාතේ ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ යන මහත්ම මහත්මිහු ඇතුළු සන්ධානයේ දේශපාලන නියෝජිතයෝ රැසක්‌ මෙම අවස්‌තාවට සහභාගි වූහ

No comments:

Post a Comment