Jan 7, 2015

කඩාකප්පල්කාරයන්ට වෙඩි තියනවා - මැතිවරණ කොමසාරිස්

07 Jan 2015


ජනාධිපතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ සියලු පාර්ශවයන්හි සහයෝගයෙන් තොරව නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම දුෂ්කර බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියි.
ඔහු එම අදහස් පළ කළේ, ඡන්ද විමසීම් ආරම්භ කරනු ලැබීමට පෙර පැවැත්වුන අවසන් මාධ්‍ය හමුවේදී.
සියලු කොටස්වල සහයෝගයෙන් තොර ව තමාට එම බලාපොරොත්තුව ඉටු කර ගත නො හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එම සහයෝගය ලද හොත් ජනාධිපතිවරණ ඡන්ද විමසීම නියමිත විධි විධානවලට අනුව පෙරට ගෙන යා හැකි බවට තමා තුළ විශ්වාසයක් පවතින බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.
‘මට සීයට සීයක් විශ්වාසයි. කිසිම අනිසි දෙයක් සිදු නොවන බවට. මේක ජාතික මැතිවරණයක්. ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද විමසීමක් අවලංගු කිරීම කිසිවකුගේ උවමනාව නොවෙයි’ මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය ගැන අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ ගණන් කිරීමේ නිලධාරියකුට තර්ජනයක් එල්ල වුනොත් එම ස්ථානයේ ඡන්ද ගණන් කරනු ලැබීම නතර කරන බවයි.
‘ගිනි අවි හෝ වෙනත් අවියක් රැගෙන කිසිවකුට ඡන්ද මධ්‍යස්ථානයකට හෝ ඡන්ද ගණන් කරන තැනකට ඇතුල් වෙන්න බැහැ. ඊයේ පටන් සියල්ල පාලනයක් යටතේ පවතිනවා. රාජ්‍ය දේපොළ සහ රාජ්‍ය මාධ්‍ය අවභාවිතය ගැන පැමිණිලි ලැබුණා. ප්‍රචණ්ඩ ක්‍රියා ගැන තොරතුරු ලැබුණා . ඒ සමග අපි ඒවාට මැදිහත්ව එම ප්‍රශ්න විසඳුවා. ඊයේ පටන් සියල්ල පාලනයක් යටතේ පවතිනවා. එම තත්වය යටතේ ඡන්ද විමසීම් අර්බුදයකින් තොරව පෙරට යන බව මට විශ්වාසයි ’ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය බලාපොරොත්තු පළ කරයි.
යුද හමුදාවට කාර්යයක් නැහැ
උතුරේ වන්නි ප්‍රදේශයේ ජනාධිපතිවරණ කටයුතු වලට යුද හමුදා යෙදවීම් සම්බන්ධයෙන් මතුව ඇති අදහස් පිළිබඳව කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමසාරිස්වරයා තමා එම කාරණය සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා සමඟ දැනටමත් සාකච්ඡා කර ඇති බවත් එවැනි නියෝගයක් නිකුත් කරනු ලැබ නැති බව හමුදාපතිවරයා ප්‍රකාශ කළ බවත් සඳහන් කළේය.
" මම ඊයෙත් හමුදාපතිවරයා සමග සාකච්ඡා කළා. ඔහු කිව්වේ යුද හමුදා භටයන් ඡන්ද කටයුතු සඳහා කිසිම ස්ථාන ගත කිරීමක් කරලා නැහැ කියලයි. නමුත් ඒ සම්බන්ධව ලැබිල තියෙන පැමිණිලි ගැන මම සොයා බලනවා’ මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලි කළේය. මෙම ජනාධිපතිවරණයේ දී යුද හමුදාවට පැවරෙන කාර්යභාරයක් නැතැයි කියා සිටි මැතිවරණ කොමසාරිස්වරයා සියලු ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට අවශ්‍ය රැකවරණ සැපයීමට පොලිසිය සමත් බවයි පෙන්වා දුන්නේ. ඡන්ද විමසීම් කඩාකප්පල් කරන්නන්ට වෙඩි තැබීමට පොලිසියට බලය ඇති බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් කියා සිටියි
................................................................................
හොර ඡන්ද දාන්න ආවොත් ඔළුවටම තියන්න
මැතිවරණ කොමසාරිස් පොලිසියට කියයි
2015 ජනවාරි මස 07 20:52:49 |
ඡන්දය යනු කෙනෙකුගේ කැමැත්ත බවත් කැමැත්ත බලෙන් හෝ හොරෙන් ගත නොහැකි බවත් කී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හොර ඡන්දය දමන අයගේ ඔළුවට ම වෙඩි තබන්නැයි පොලිිසයට කියා ඇතැයි ද පැවසුවේය. කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ අද කොලඹ මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ය.
ඡන්ද පොළ ආරක්ෂාව පිළිබඳ අදහස් දැක්වූ කොමසාරිස්වරයා කියා සිටියේ පොලිසියට තම බලය යෙදවීමට හැකියාව පවතින බවයි.
මාධ්‍යවේදියකු මේ අවස්ථාවේ දී විමසා සිටියේ පොලිසියට අවම බලය භාවිතා කිරීමට උපදෙස් දී ඇති බැවින් කලබල ඇතිකිරීමට උත්සාහ ගන්නේ නම් දණහිසෙන් පහළට වෙඩි තැබීමට ඔවුන්ට අවසර ලැබෙන්නේ ද යන්නයි. එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ කීවේය.
‘‘ අවම බලය කියලා දෙයක් දැන් නැහැ. දැන් තියෙන්නේ අවශ්‍ය බලය. දණ හිසෙන් පහළට වෙඩි තියන්නේ මොකට ද ? ඡන්දය බලෙන් දාන්න හරි කලබල කරන්න හරි ආවොත් දණ හිසෙන් පහළට වෙඩි තියලා වැඩක් නැහැ ඔළුවටම වෙඩි තියන්න ඕනේ. “
http://www.lankadeepa.lk/index.php/top_story/288133

No comments:

Post a Comment