Jan 7, 2015

අයිටීඑන්/රූපවාහිනී/සවර්ණවාහිනී ඇපෑල විසිවේ

07 Jan 2015
ජනපති ජනහමුවට' පැනවූ තහංචිය
ඉවත් කරන්නැයි කළ ඉල්ලීමක්‌ ප්‍රතික්‍ෂේප වෙයි
ජාතික රූපවාහිනිය, ස්‌වාධීන රූපවාහිනිය දෙරණ හා ස්‌වර්ණවාහිනී යන විද්‍යුත් මාධ්‍ය ඔස්‌සේ විකාශනය කිරීමට සැලසුම් කර තිබූ "ජනපති ජනහමුව" යන වැඩසටහන තහනම් කරමින් කඩුවෙල දිසාවිනිසුරු වසන්ත ජිනදාස මහතා පැනවූ වාරණ නියෝගය ඉවත්කරන්නැයි ජාතික රූපවාහිනිය කළ ඉල්ලීමක්‌ බස්‌නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය ඊයේ ප්‍රතික්‍ෂේප කළේය.
ලියොන් සෙනවිරත්න සහ ඉවොන් ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම ඉල්ලීම සලකා බැලූ අතර එම ඉල්ලීමට පක්‍ෂව හා විපක්‍ෂව දෙපාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දීර්ඝ වශයෙන් කරුණු දැක්‌වූ අතර අනතුරුව එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමට ඒකමතිකව තීරණය කළ විනිසුරු මඩුල්ල ඊට හේතුව ලබන සඳුදා ප්‍රකාශයට පත්කරන බව සඳහන් කළහ.
'ජනපති ජනහමුව' විකාශනය කිරීමට එකී මාධ්‍ය ආයතන 04 ට පැනවූ නියෝගයේ සහතික පිටපතක්‌ විත්ති පක්‍ෂය විසින් උසාවියට ඉදිරිපත් කර තිබුණේ නැත. එනිසා වාරණ නියෝගය කුමක්‌ද යන්න ගැන දැනීමක්‌ නැතිව ඊට මැදිහත්වීමට හැකියාවක්‌ නැතැයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විත්ති පක්‍ෂයට පෙන්වා දුන්හ. කඩුවෙල දිසා අධිකරණය පැනවූ වාරණ නියෝගය ඉවත් කර ගැනීමට අවශ්‍ය වූවානම් එය ඉල්ලීම මුලින්ම කරන්න තිබුණෙ එම අධිකරණයෙන් බවද විනිසුරු මඩුල්ල වැඩිදුරටත් පෙන්වා දුන්හ.
කඩුවෙල දිසා විනිසුරුවරයා වාරණ නියෝගය පැනවූවේ විපක්‍ෂයේ පොදු ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනුකළ පෙත්සමක්‌ සලකා බැලීමෙන් අනතුරුවයි.
ජනාධිපති නීතිඥ කුෂාන් අල්විස්‌ මහතා කෞශල්‍ය නවරත්න මහත්මිය ජාතික රූපවාහිනිය වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා හා අධිනීතිඥ සුරෙන් ප්‍රනාන්දු පෙත්සම්කරු වන මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටියහ.
 http://www.divaina.com/2015/01/08/news38.html



2015 ජනවාරි මස 07 17:16:58
   ජනපති ජනහමුව හෝ ඒ සමාන වැඩසටහන් තහනම් කරමින් කඩුවෙල දිසා අධිකරණයෙන් පැනවූ වාරණය ඉවත් කරන්නැයි අයිටීඑන්, රූපවාහිනී හා ස්වර්ණවාහිනී ආයතන ගොනු කළ පෙත්සම අභියාචනා මහාධිකරණය අද ඉවත දැමීය.
ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ නීතීඥවරු කඩුවෙල දිස්ත්‍රික් උසාවියෙන් එම වාරණය ලබා ගත්හ.
සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා, සුරේන් ප්‍රනාන්දු හා නලීන් අමරජීව මහත්වරුන් ඇපැල් උසාවියට කරුණු දක්වමින් මූලික විරෝධතාවයක් ගොනු කළහ.
ඔවුන් කියා සිටියේ වගඋත්තරකරුවන් මුලින්ම දිස්ත්‍රික් උසාවියට සිය ඇපෑල ඉදිරිපත් කළ යුතුව තිබූ බවයි.
කඩුවෙල දිසා අධිකරණයේ වාරණ තීන්දුව ඉදිරිපත් කිරීමට ද ඔවුන් අපොහොසත් වී ඇතැයි ද ඔවුහු කීහ.
වැඩිදුර විභාගය ජයවාරි 12 වැනි දාට කල් තැබිණි.
http://www.lankadeepa.lk/index.php/top_story/288112



State owned/pro-Govt TV stations try to remove enjoining order against propaganda. Fail.

Embedded image permalink

No comments:

Post a Comment