Nov 17, 2014



Nov 17, 2014
සෝභිත හිමි ජනාධිපති හා ගෝඨා සාකච්ඡා 
ඉකුත් බදාදා (12 දා) රාත්‍රියේදී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා හා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අතර හමුවක්‌ කොළඹ 08, නිවසකදී සිදුවී ඇත. මෙම නිවස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ අභාවප්‍රාප්ත පියා විසූ නිවෙස වේ.
මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාත් සහභාගි වී ඇත.
මෙහිදී මාදුළුවාවේ සෝභිත හිමි හමුවේ කරුණු දක්‌වා ඇති ජනාධිපතිවරයා, ව්‍යවස්‌ථාවේ සිදුකරන වෙනස්‌කම් පිළිබඳව විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සාකච්ඡා කෙරෙන බව සඳහන් කර ඇත. ව්‍යවස්‌ථාව සංශෝධනය ජනාධිපතිවරණය අවසන් වූ පසුව සිදුකෙරෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු පිළිබඳව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාත් කරුණු පැහැදිලි කර ඇත.
ඉකුත් සිකුරාදා සෝභිත හිමියන් දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතළත් වී ඇත්තේ වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා බවත් වාර්තා වේ.
http://www.divaina.com/2014/11/17/news01.html

No comments:

Post a Comment