Nov 17, 2014


Nov 17,  2014
පොදු අපේක්‍ෂක ලෙස 'කරු නැත්නම් එජාපයෙන් අපි යනවා
ක්‌සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා මැයෙන් වූ එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

ජනාධිපතිවරණය පවත්වන බවට නම් කිරීමට ඇත්තේ ඉතා සුළු කාලයකි. රජය ගව්ගණනක්‌ ඉදිරියට ගොස්‌ ජනාධිපතිවරණ කටයුතු සිදුකරමින් සිටින අතර එක්‌සත් ජාතික පක්‍ෂය තවම නිදියහනේ පසුවෙයි. එය අතිශය කනගාටුවට කරුණකි.

සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ප්‍රකාශ කරන පොදු අපේක්‍ෂකයා නම් කිරීමේ අයිතිය එක්‌සත් ජාතික පක්‍ෂය සතු වේ. පක්‍ෂයකින් නම ඉදිරිපත් කළත් ඔහු නිර්පාක්‍ෂිකයකු විය යුතු බව එම සංවිධානයේ මතයයි.

එබැවින් කරුණාකර එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් දේශබන්දු කරු ජයසූරිය මහතාගේ නම වහාම ප්‍රකාශයට පත්කරන ලෙස මෙයින් ඉල්ලමු. පක්‍ෂයේ සිටින එකම සුදුස්‌සා මොහුය. සියලු ජාතීන්, සියලු ආගම් හා පක්‍ෂ සියලු කණ්‌ඩායම්වල කැමැත්ත ඔහුටය. කරුණාකර මෙය වහාම ඉටුකරන ලෙස නැවතත් ඉල්ලා සිටිමු. යම් හෙයකින් මෙම ඉල්ලීම ඉටු කිරීමට අපොහොසත් වුවහොත් අප එක්‌සත් භික්‍ෂු පෙරමුණ එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලු කටයුතුවලින් ඉවත් වන බව ද දන්වා සිටිමු.............
http://www.divaina.com/2014/11/17/news04.html

No comments:

Post a Comment