රට ආපස්සට ගෙනියන්න ඇතැම් පුද්ගලයින් උත්සහ දරනවා – ජනපති (VIDEO)
http://newsfirst.lk/sinhala/2014/12/%E0%B6%BB%E0%B6%A7-%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A/
..........................................................................................................
06 Dec 2014
බලයේ සිටින තුරු කළ නොහැකි නිසාමා යුද අධිකරණයට ගෙනයැමට
දෙමළ ඩයස්‌පෝරාව සූදානම් වෙනවා
ජනපති මහින්ද රාජපක්‍ෂ
කප්රුක නියෝජිතයන් වන තමුන්නාන්සේලා අද මේ විදිහට අරලියගහ මන්දිරයේදී දකින්න ලැබීම ලොකු සතුටක්. රට පුරාම ග්‍රාම සේවා සංගම් නියෝජනය කරන කප්රුක නියෝජිතවරුන් මෙතන ඉන්නවා. මම දන්නවා තමුන්නාන්සේලා මහින්ද චින්තන වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙනියන්න කැප කිරීම් කළ පිරිසක්. කප්රුක වැඩපිළිවෙළ ජනතාවගේ ගෞරවයට පාත්‍රවන සෞභාග්‍යයේ සංකේතයක්. සිතු පැතු සම්පත් ලබාදෙන කප්රුකට අපි පොල්ගහ සමාන කරන්නේ ආවාට ගියාට නෙවෙයි.
එදා අපේ ආර්ථික භෝග අතරේ තේ, පොල්, රබර්වලට මූලික ස්‌ථානයක් හිමිවුණා. නමුත් මේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වුණා. නැති කළා කියන වචනය තමයි නිවැරදි. පොල් ඉඩම් කට්‌ට් කළා. වගාව විනාශ කළා. මේ විදහට මේ රටේ ජනතාවට එලොව පොල් පෙන්වන තත්ත්වයට කටයුතු කළා. ඒ කාලේ "මේ බෑය කීයද" කියලා අහලා අරගෙන ගියේ. අද ජනතාව පොල් මිල කෙරේ එතරම් තැකීමක් කරන්නේ නැහැ. රටේ ආදායමත් සමඟ අපි මැදි ආදායම් ලබන රටක් බවට ක්‍රමානුකූලව පත්වෙලා තිබෙනවා. අද ඔබ මෙතැන පොල් අතු රැගෙන විත් රංගනයක් ඉදිරිපත් කළා. ඉස්‌සර නම් ගම්වලට ගියාම පොල් අතු ගෙවල් තිබෙනවා. දැන් නම් පොල් අතු ගෙවල් කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ. ඔබ ගමේ ඉන්න අය. දැන් ඔබේ ගමේ පොල්අතු ගෙවල් තිබෙනවාද? ඔබම සිතන්න. එහෙම නැහැ. දැන් සුපිරි හෝටල්වල තමයි පොල් අතුවලින් පොඩි කුටියක් හදා තිබෙන්නේ. අපි කෘෂිකර්මය කෙරේ විශේෂ අවධානයක්, ලැදියාවක් දක්‌වන රටක්, රජයක්. එක යුගයක කෘෂිකර්මය කියන දේ එතරම් ප්‍රශ්නයක් නොවුණු. සියල්ල පිටරටින් ගෙන්වන්න කටයුතු කළා. අල, සීනී, සහල් මේ රටට පළා, කංකුං ටික පවා පිටරටින් ගෙන්නුව යුගයක් තිබුණා. අද කිව්වොත් ඊට හිනාවෙයි. අපට ඒ ඉතිහාසය අමතක වෙනවා. එක්‌තරා කාලයක අපි පොල්තෙල් පිටරට යෑව්වා. පස්‌සෙ කාලෙක පොල්තෙල් වෙනුවට නොයෙක් තෙල් වර්ග, පොල් තෙල් වෙනුවට ආදේශන ගෙන්වන්න පටන් ගත්තා.
එක් කාලයක අපි පොල්කටු අඟුරු අපනයනය කළා. පසුව ඒ නිෂ්පාදනය අඩුවුණා. නමුත් දැන් නැවතත් ඒ සඳහා වෙළෙඳපොළක් ඇතිවෙලා තිබෙනවා. ගම්වල පොල්කටු එකතු කරනවා. දැන් අලුත් ආදායමක් හැදීගෙන එනවා. නැවත වාරයක් පොල් කර්මාන්තය දියුණු වෙමින් පවතිනවා. අපිට හලාවත සහ කුරුණෑගල පොල් වතු රජයට ලබාගන්න සිදුවුණා. පාඩුවට තිබුණ ඒ දේවල් අද ලාභ ලබන තත්ත්වයට ගෙනත් තිබෙනවා. පොල් කර්මාන්තය සඳහා විශේෂ අමාත්‍යංශයක් හැදුවේ අපි නිකමට නෙවෙයි. සමහරු හිනාවුණා. පොල්වලට, සීනිවලට අමාත්‍යංශ තිබෙනවා කියලා. නමුත් ඒ කර්මාන්ත කෙරේ අපේ තිබෙන උනන්දුව, වුවමනාව තමයි ඒකෙන් අපි පෙන්වූයේ.
වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට පොල් කර්මාන්තයත් ඇතුළත් කළා නම් වැඩි අවධානයක් යොමු වන්නේ තේවලට. මෙතෙක් කල් පොල් කර්මාන්තය එයට ඇතුළත් කිරීමෙන් සිදුවුණේ පොල් කර්මාන්තය පහළට ගොස් වෙනත් කර්මාන්තවලට අවධානය වැඩිවීම, තේ අපනයනයෙන් ලැබෙන විදේශ විනිමය වැඩියි. එවිට පොල්වලට තිබෙන අවධානය අඩුවෙනවා. එය සාමාන්‍ය මිනිස් ලක්‍ෂණයක්. ඒ නිසා අපට සිදුවුණා මෙයට වෙනම අමාත්‍යංශයක් හදන්න. මෙය හැම ගමකම, දිස්‌ත්‍රික්‌කයකම, ලංකාව පුරාම පැතිරුණු කර්මාන්තයක්. අද පර්චස් විස්‌සක ගෙයක් තිබෙන ඉඩමකත් පොල් ගසක් තිබෙනවා. පොල් පැළයක් නැති නිවසක් නැහැ. විශේෂයෙන්ම පසුගිය කාලයේ ඇතිවුණු ප්‍රශ්නත් සමඟ ඔබට පොල් පැළ නොමිලේ ලබාදුන්නා සිටුවීමට. ඒ නිසාම එය අද සැබෑම කප්රුකක් බවට පත්වෙලා. හැම අංශයකින්ම ආදායම් ලබන්න හැකිවෙලා තිබෙනවා.
අපි ආනයනික පොල්වලට විශාල බද්දක් නියම කළා. අපි නිෂ්පාදන ආර්ථිකයට මේ රට යොමු කෙරෙව්වා. මෙය අමතක කරපු, ඉවත් කරපු යුගයක් තිබුණා. අද වුණත් අපට අඩුවට අල ගෙනෙන්න පුළුවන්. බදු අඩු කළාම ඉතාම අඩු මුදලට දෙන්න පුළුවන්. නමුත් අපේ රටේ ඉතිරි වන්නේ කුමක්‌ද? පසුගිය කාලේ ආහාර හිඟයක් ඇතිවුණා නියඟය හා නොයෙක් දේශගුණික බලපෑම් නිසා. අපට කුමක්‌ද සිදුවුණේ. අපි වී වල ඉඳලා හැම කෘෂිකාර්මික අංශයක්‌ම කෙරේ, කෘෂි ආර්ථිකය කෙරේ විශ්වාසය තැබූ නිසා මේ රටේ ජනතාව කුසගින්නෙන් මැරෙන එක නතර කළා. සමහර රටවල් පිටරටවලට ආහාර යෑවීම තහනම් කළා. අපි ස්‌වයංපෝෂිත වුණු නිසා, පසුගිය වසර 10 ක කාලය තුළ පිටරටින් නැව් එනතුරු බලා නොසිට ජීවත්වුණු නිසා අපට හැකිවුණා අපේ ජනතාව කුසගින්නෙන් බේරාගන්න. මේ තමයි ඇත්ත කතාව.
අද ඒවා බොහෝ අයට අමතකයි. එපමණක් නොව තිස් අවුරුදු ත්‍රස්‌තවාදයත් අමතකයි. තිස් වසරක් බියේ හිටපු සමහරු අද කෑ ගසනවා. මිනිසුන් ජීවත් වුණේ බියෙන්. ලංකාවේ මොන දිස්‌ත්‍රික්‌කයේද බෝම්බ පිපිරුණේ නැත්තේ. මොනරාගල, හම්බන්තොට, අවසානයේ අකුරැස්‌සේ, පොළොන්නරුවේ, අනුරාධපුරයේ, ශ්‍රී පුර, ත්‍රිකුණාමලයේ, කොළඹ මේ හැම පළාතකම ත්‍රස්‌තවාදයෙන් බැටකාපු අය ඉන්නේ. මෙහෙම යුගයක ඉඳලා තමයි අපි ඒවායින් මිදුනේ. එයින් මිදිලයි අපේ රට සංවර්ධනය වුණේ. අද හැම දේටම බණිනවා පාරක් හැදුවත් බණිනවා. රටක් අපිට දියුණු කරන්න පුළුවන්. ඔබේ ගමට විදුලිය ඕනෑ කියනවා. භූමිතෙල්වලින් දල්වපු කුප්පි ලාම්පු එළියෙන් ඉන්න ඔබ කැමැති නැහැ අද. මේ ඔබේ ජීවන තත්ත්වය උසස් කරන්න කළ දේවල්. විදුලිය හැම ගමකටම, ගෙදරකටම දෙන්න ඕනෑ නම් අපි විදුලිය නිෂ්පාදනය කරන්න ඕනෑ. ඒ සඳහා අපි කොත්මලේ, නොරොච්චෝලේ, කෙරවළපිටිය විදුලි බලාගාර අලුතෙන් ඇතිකළා. කුඩා විදුලි බලාගාර හැදුවා. මේවා හදන්නේ නැතිව විදුලිය දෙන්න බැහැ.
පසුගිය දිනවල සාක් සමුළුවට සහභාගි වෙන්න මම නේපාලයට ගියා. ඒ රටේ රාත්‍රි 09 වෙනවිට විදුලිය කපනවා. සමහර කඩවල්වල, නිවෙස්‌වල පමණක් විදුලිය තිබෙනවා. සූර්ය කෝෂ විදුලිය ලබාගෙන, විශාල ජල සම්පතක්, හිමාලයෙන් ගලා එන ගංගාවන් විශාල ප්‍රමාණයක් තිබෙන කොටත් ඔවුන්ට තවම නොහැකි වුණා අභ්‍යන්තර ප්‍රශ්න නිසා විදුලිය නිෂ්පාදනය කරන්න අවශ්‍ය ප්‍රමාණයට. පැය 24 ම විදුලිය දෙන්න. නමුත් අපි මේ අවුරුදු 10 තුළම පැය 24 ම විදුලිය දුන්නා. දුන්නේ ලංකාවේ සියලු දෙනාටම.
නොරොච්චෝලේ අපිට හදන්න පරක්‌කු වුණේ ඇයි? මේ යෝජනා ගෙනාවේ මීට බොහෝ කාලයක පෙර. සැලසුම් අනුවයි වැඩ කරන්නේ. ආවාට ගියාට නොවෙයි. ජාතික සැලසුමේ වසර ගණනක් තිබුණා. හදන්න ගියාම ඒ පළාතේ ජනතාව සියලුදෙනා එකතු වෙලා පෙළපාලි ගියා. ඡන්දය බලාගෙන හිටපු නායකයෝ එය කල් දැම්මා. මම ආවාට පසු මට තීන්දු කරන්න වුණේ ජනතාව කළුවරේ තබනවාද? ඡන්දය බලාගෙන වැඩ කරනවාද කියලා. ඡන්ද බලාගෙන වැඩ කරන්න ගියොත් ජනතාව කළුවරේ. ජනතාවට එළිය දෙන්න ගියොත් ඒ අය තරහ වෙනවා. එහිදී අපි තීන්දු කළා ජනතාව කළුවරේ තියන්නේ නැහැ කියලා. එසේ නම් අපි මේවා හදන්න ඕනෑ. අපි ඉහළ කොත්මලේ හැදුවොත් එහෙමයි. වෘත්තීය සමිති විරුද්ධ වුණා. නමුත් මේවා අවුරුදු ගණනාවක් තිබුණු යෝජනා. පසුගිය හැම රජයකම මේවා තිබුණා. එයාලා කළේ නැහැ. ත්‍රස්‌තවාදය පරාජය කිරීම වගේම තමයි අපිට තිබුණු වගකීම මේවා හදන්න. ඒ සඳහා ඒ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කළා. එහිදී මම කිව්වේ "ඔබ තරහා වුණත් මේවා කරන්න ඕනෑ. මේ රටේ ජනතාව වෙනුවෙන්" කියලා. සංවර්ධනය සඳහා මෙය ලබාදෙන්න ඕනෑ කියන පදනමේ ඉඳලා තමයි අපි වැඩ කළේ.
සංවර්ධනයට අපි මුල්තැන දුන්නා. හදලා ඉවර කරන කොට බණිනවා. වැඩක් නොකරන කෙනාට බණින්නේ නැහැ. ගමේ කතාවක් තිබෙනවා. පිඟන්, වළං බිඳෙන්නේ හෝදන කෙනා අතින් කියලා. ඒකට අනිත් අය ගිහින් කෑ ගහලා හරියන්නේ නැහැ. වැඩ කරන කෙනාට තමයි ප්‍රශ්නේ. අපිට වෙලා තිබෙන්නෙත් ඒ වගේ අපි වැඩ කරලා බැණුම් අහනවා. එය මට ප්‍රශ්නයක් නොවෙයි. වැඩ කරන්නයි මාව පත්කළේ. නැත්නම් 2005 දී අපිව පත්කරන්නේ නැහැනේ. එදා අපිව පත්කළේ ත්‍රස්‌තවාදය අවසන් කරන්න. අපි එය කළා. 2010 දී පත් කළේ රට ගොඩනගන්න. අඳුරෙන් එළියට ගන්න. අපිට අපේ ප්‍රතිපත්තියක් තිබුණා. කෘෂිකර්මාන්තය මේ රටේ ගොඩනගන්න. ඒ නිසා අපි එකින් එක අරගෙන ආපස්‌සට ගිය කර්මාන්ත ඉදිරියට ගෙන ආවා. ආපස්‌සට ගිය පොල් කර්මාන්aතය නැවත ගොඩනැගුවා. ඊට අවශ්‍ය සහනාධාර දුන්නා. විශාල වශයෙන් පොහොරවල ඉඳලා පැළවලට යනතුරු මේ රටේ ජනතාවට ඒ කර්මාන්තය දියුණු කරන්න. ඔබව සමාජයේ ඉහළට ගෙන එන්න.
ඒ නිසා තමයි අපි රබර් කර්මාන්තයට මිලක් දුන්නේ. ඒවා කරන කොට අපිට බණිනවා. චෝදනා කරනවා. හැබැයි චෝදනාවලට බයේ අපි නොකර සිටියා නම් වෙන්නේ කුමක්‌ද? පසුගිය කාලයේ සිදුවුණේ ඒක. මුදල් වියදම් කළා. ජීවිතත් නැතිවුණා. නමුත් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරක් දුන්නේ නැහැ. එක් යුගයක මාස තුනෙන් රජයන් පෙරළුණා. ඉන්න මන්ත්‍රීවරුන් මුදලට ගන්නවා. පාර්ලිමේන්තුවෙන් පස් හය දෙනකු ගත්තු දවසට රජය පෙරළිලා. 2007 දීත් අපේ අයව ගන්න හැදුවා. ඒ කාලේ මම සිටියේ පිටරට. ඒ වෙලාවේ අපේ අය කලබල වෙලා එකතුවෙලා මට ආපසු එන්න කියා කතා කළා. මම ආපසු එනකොට අපට තිබුණු විකුණා දමපු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානයේ මට අසුනක් දුන්නත් මම සමඟ ගිය ආරක්‍ෂකයන්ට අසුන් දෙන්න බැහැ කිව්වා. එතකොට මම ත්‍රස්‌තවාදීන් ඉන්න කාලෙ එන්න ඕනෑ ආරක්‍ෂාවක් නැතිව. ඒ කාලයේ මිහින් ලංකා හදලා තිබුණු නිසා ඒ යානයක් ගෙන්වාගෙන තමයි ලංකාවට ආවේ. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණපු එකේ වැරැද්ද. රට විකුණුවා පමණක් නෙවෙයි මෙහි තිබෙන දේපළත් විකුණුවා. එදා තමයි මම තීරණය කළේ විකුණා දමා තිබූ එය ආපසු රජයට ගන්නවා කියලා. දැන් ආපසු එය ගොඩනගාගෙන යනවා. රක්‍ෂණය විකුණා දමා තිබුණා එය ගත්තා. මහජන බැංකුව විකුණන්න සිටියා. එය නැවැත්වූවා. විකුණා කන එක නෙවෙයි අපි කරන්න ඕනෑ. ගෙදර බඩු ටික විකුණලා කන සමාජයක්, රටක් අපට අවශ්‍ය නැහැ. මේවා ගැන සිතන්න ඕනෑ.
දේශීය නිෂ්පාදකවරුන්ගේ, දේශීය වගාකරුවන්ගේ ආර්ථිකය ගොඩනගන්න දායක වෙන්න අපි පියවර ගත්තා. ඔබේ කර්මාන්තය දියුණු කරන්න ප්‍රායෝගිකව දිය හැකි හැම සහයෝගයක්‌ම අපි ලබාදී තිබෙනවා. අපේ යුතුකමක් තිබෙනවා. මේ රට අස්‌ථාවර කරන්න එපා. පසුගිය දිනක පුවත්පත්වල මම දුටුවා අල්ජසීරා නාලිකාවේ සාකච්ඡාවක කියලා තිබෙනවා මාව පරද්දවන්න හේග්වලට ගෙනියන්න කියලා. යුද අපරාධවලට. ජනාධිපති වශයෙන් ඉන්නා තුරු මාව යුධ අපරාධවලට ගෙනයන්න බැරි නිසා පරද්දලා දෙන්න කියනවා. ඊට පසු අපි අවශ්‍ය දේ කරන්නම් කියලා කියනවා. ඊට උල්පන්දම් දෙන්නේ අපේ රටේ මන්ත්‍රීවරු දෙදෙනෙක්. මේ අයට අවශ්‍ය කුමක්‌ද? මෙතෙක් කල් ජීවිතය ගැන විශ්වාසයක් නැතිව හිටපු මිනිසුන්ට අභයදානය දුන්නාම එහි ප්‍රතිඵලය ලැබෙන්නේ ඒ ආකාරයටයි. ඒ පටු විදිහට හිතන නිසා. රටක් වශයෙන් නොසිතන නිසා.
හැම වෙලාවෙම අපේ යුතුකම හා වගකීම අපේ රට ගැන, ඉපදුණු මව්බිම ගැන සිතන එක. ඔබේ අනාගතය ඔබට පමණක් නොව ඔබේ දරුවාටත් තිබිය යුතුයි. අපි අනාගතය හදන්න ඕනෑ නූපන් දරුවාටයි. ඒකයි අවශ්‍ය. නැතිව අද කාලා හෙට අත පිසදා ගන්න නෙවෙයි. එහෙම සමාජයක් අපට අවශ්‍ය නැහැ. අපි හදන්න ඕනෑ ඈත බලන්න. අපි සැලසුම් සකස් කරන්නේ ඒ ආකාරයටයි. ඔබ අපිත් සමඟ අත්වැල් බැඳගන්න.
මෙහිදී ජනාධිපතිතුමන් දෙමළ බසින්ද අදහස් දක්‌වන ලදී.
පොල් සංවර්ධන ඇමැති ජගත් පුෂ්ප කුමාර මහතාද කතා කළේය.

No comments:
Post a Comment