Dec 7, 2014

07  DEc 2014 news
එප්පාවල මැරයින් අල්ලන බව එස් පී කියයි
එප්පාවල නගරයේදී වීදී නාට්‍යක්  රඟ දක්වමින්  සිටි පිරිසකට හා අද මාධ්‍යවේදීයකුට ඉකුත් සිකුරාදා  පහරදී  නිදැල්ලේ සිටින උතුරුමැද පළාත් දේශපාලනඥයකුගේ මැර කණ්ඩායමක් අත්අඩංගුවට ගන්නැයි පොලීසියට බලපෑම් කරමින් අද (07) සිවිල් සංවිධාන හා මාධ්‍යවේදී එකමුතුව එප්පාවල නගරයේදී  විරෝධතාවක නිරත විය.
නිදහස් මාධ්‍ය සංසදය හා වීදියේ විරෝධය වීදී නාට්‍ය කණ්ඩායම්  පා ගමනින්  සාමාජිකයෝ එප්පාවල මහජන බැංකුව අසල සිට එප්පාවල තඹුත්තේගම හන්දිය වෙත සටන්පාඨ කියමින් ගමන් කළහ.
මැර පිරිස අත්අඩංගුවට ගන්නේ  නොගන්නේ  මන්දැයි  උද්ඝෝෂකයෝ පොලීසියේ සිට පොලිස් අධිකාරී අනිල් චන්ද්‍රසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමත් සම අධිකාරීවරයා හා මාධ්‍යවේදීන්  අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.............

No comments:

Post a Comment