Dec 19, 2014

17 Dec 2014

‘ඡන්ද වැඩ ප්‍රචන්ඩ වෙයි‘
2014 දෙසැම්බර් මස 18 16:18:09 | . , සුරංජිත් පෙරේරා

බරපතල සිදුවීම් 12ක් සමඟ ජනාධිපතිවරණ පුර්ව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා 51 වර්තා වී ඇති බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
ගිනි අවි භාවිතා කළ සිදුවීම් තුනක්, බරපතල පහර දීම් හතරක් සහ දේපොල වලට පහර දී විනාශ කිරීම් පහක් ලෙස බරපතල  සිදුවීම් හි සංයුතිය ලෙස දැක්විය හැකි බව ස්වාධීන නිරික්ෂණ නිලධාරී ජාතික මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ සනත් වීරරත්න මහතා පැවසීය.
ජනාධිපතිවරණ පූර්ව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා 51 න් බරපතල සිදුවීම් 12ක් හැරුණූ විට 39 සුළු සිදුවීම් බවද ඒ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණිලි 17ක් සන්ධානයෙන් පැමිණිලි 15ක් සහ වෙනත් පක්ෂ වලින් පැමිණිලි 19ක්ද ලැබී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවද ඔහු කීවේය

No comments:

Post a Comment