Dec 19, 2014

19 Dec 2014
රාජ්‍ය සේවයේ අඳුරු යුගය
- මෛත්‍රී ඇල්පිටියේදී කියයි
වත්මන් පාලනයෙන් පීඩාවට පත්ව සිටින සමස්‌ථ රාජ්‍ය සේවකයන් ඉන් මුදාගෙන ඔවුන්ට ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත්විය හැකි පාලනයක්‌ ලබන 8 වැනිදායින් පසුව අරඹන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇල්පිටියේ දී පැවැසීය.

ස්‌වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව අහෝසි කිරීමත් රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් වැඩි නොකිරීමත් නිසා අද ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බව හෙතෙම කීය.
එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු සංවිධායක මණ්‌ඩලය විසින් ඇල්පිටියේ දී පෙරේදා (17දා) සංවිධානය කර තිබූ එම ජනරැලිය අමතා තවදුරටත් අදහස්‌ දැක්‌ වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය. 
වත්මන් පාලනය යටතේ රාජ්‍ය සේවය අන්ත දූෂිත තත්ත්වයකට ඇද දමා තිබෙනවා. ඉතිහාසයේ කිසිදු යුගයක රාජ්‍ය සේවකයන් මෙවැනි අස්‌වාභාවික තත්ත්වයකට මුහුණ පෑවේ නැහැ. ජනවාරි අට වැනිදා අපි ලබන ජයග්‍රහණයත් සමග මේ අඳුරු යුගය නිමා කර රාජ්‍ය සේවකයන් ඇතුළු සමස්‌ථ රට වැසියන් මේ අවාසනාවන්ත පාලනයෙන් මුදා ගන්නවා.
http://www.divaina.com/2014/12/19/news07.html

No comments:

Post a Comment