Dec 19, 2014

19 DEc 2014
එක්‌සේසත් කළ රට යළි
දෙකඩ කරන්න දෙන්නේ නැහැ

ජනපති මහින්ද රාජපක්‍ෂ
මෙවරත් ජනාධිපතිවරණයට රූකඩයක්‌ පත් කරලා
ඇමැති අනුර ප්‍රියදර්ශන යාපාසෝභිත හිමිගේ සටන් පාඨය දැන් අත්හැරලා
ඇමැති විමල් වීරවංශ නරි එක්‌ක සිංහයෝ එක්‌වෙන්නේ නෑ
දයාසිරි ජයසේකර


අනුර බාලසූරිය

එක්‌සේසත් කළ රට යළි දෙකඩ කරන්නට කිසිවකුට ඉඩ තබන්නේ නැහැ. ඔබට ඇත්තේ ලබන 8 වැනිදාට අප හා අත්වැල් බැඳගෙන රට දිනවීම යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය.

කුලියාපිටිය, ශාලිකා ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රධාන ප්‍රචාරක රැලියට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

විශාල ජනතා සහභාගිත්වයකින් පැවැති මෙම ජන හමුව අමතා වැඩිදුරටත් කතා කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා,

මේ අති විශාල දැවැන්ත ජනහමු දැක්‌කම ලබන 8 වැනිදා ජයගන්නේ කවුද කියලා ජනතාවටම පෙනෙනවා. 2005 දී අපි බලයට එන විට මේ රටේ ජනතාව ඉල්ලුවේ වෙන මොකුත් නෙවෙයි වසර 30 ක කාලයක්‌ තිස්‌සේ පවතින කුරිරු යුද්ධය අවසන් කර රට බෙදීම නවත්තලා රට නිදහස්‌ කර දෙන ලෙසයි. ඒ සඳහා අපි දුන්න පොරොන්දුව 2009 දී වසර හතරක්‌ යන්න කලින් ඉටු කර රට නිදහස්‌ කළා. එදා රට නිදහස්‌ කරගත් දවසේ මුළු රටම සතුටු වුණා. වයඹ පළාතේ ඔබලාත් වැඩියෙන්ම සතුටු වුණා.

http://www.divaina.com/2014/12/19/news30.html
යුද්ධය ඉවර කළ අපි රට සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ආරම්භ කළා. වියළි කලාපයේ නියඟය පරාජය කිරීමට දැදුරුඔය වැනි ව්‍යාපාර ආරම්භ කළා. ඒ වැඩ අවසන් කර දැන් තිබෙන්නේ ඇලවේළිවලට ජලය ලබා දීමයි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි දියත් කරලයි තියෙන්නේ.

ජලය ලබා දෙන්න කටයුතු කිරීම මේ ප්‍රදේශයේ ගොවි ජනතාවට කරපු විශාල සේවයක්‌. පසුගිය කාලයේ සිට වැව් අමුණු ටික හදලා ගොවි ජනතාව වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරගෙන යනවා. අනෙක්‌ සංවර්ධන වැඩපිළිවෙළත් එක්‌ක. මේ රටේ තිබුණු අඩුපාඩු එකින් එක නැති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස්‌ කළා.

මාර්ග සංවර්ධනය කිරීමේදී මේ රටේ වැඩියෙන්ම කාපට්‌, කොන්ක්‍රීට්‌ මාර්ග හදල තියෙන්නේ මේ පළාතේ. මේ නගරය අද අලුත් වෙලා. මේක තමයි රටක වෙනස. දැන් අපි 2010 සංවර්ධන වැඩපිළිවෙළ දියත් කරලා. උපාධිධාරීන් 1,10,000 කට රැකියා ලබා දීලා විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ සමත් සියලු දෙනා එක්‌කෝ විශ්වවිද්‍යාලවල නැතිනම් විද්‍යා පීඨවල තවත් කොටසකට හෙද පත්වීම් ලැබිලා. විද්‍යා අංශයෙන් සමත් අය විරැකියාවෙන් පෙළෙන්නේ නැහැ. මේක තමයි අලුත් වැඩපිළිවෙළ.

මෙවර අයවැයෙන් 1,50,000 කට රැකියා අවස්‌ථා දීමේ වැඩපිළිවෙළ දියත් කරලා. ඒ සඳහා මුදල් වෙන් කර තියෙනවා.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අකුරට පිළිපැද්දා. මට අවුරුදු 6 ක්‌ ම කාලය තියෙද්දී වසර හතරකින් මේ ජනතාව ඉදිරියට ආවේ තමුන්නාන්සේලාගේ මතය දැන ගන්න ඕන නිසයි.

රටකට ඉදිරි ගමනක්‌ තිබිය යුතුයි. අප කරගෙන යන මේ වැඩපිළිවෙළ ඉදිරියට යන්න ඕනෑ. ඒක ආපස්‌සට හරවන්න දෙන්න බැහැ. ඒ සඳහා අපි එකට අත්වැල් බැඳගත යුතුයි. අම්මට තාත්තට සලකන, වැඩිහිටියන්ට සලකන, පන්සලට, පල්ලියට, කෝවිලට යන විනයගරුක සාරධර්මවලින් පිරුණු රටක්‌ සමාජයක්‌ තරුණ පිරිසක්‌ බිහිකරන්න ඔබේ දරුවට ආරක්‍ෂිත රටක්‌ ඇති කරන්න පියවර ගැනීමේ වගකීම මට තියෙනවා. නූපන් දරුවන් වෙනුවෙන් රටක්‌ ආරක්‍ෂා කර දිය යුතුයි. අන්න ඒ රට ආරක්‍ෂා කරන්න රට නැවත කෑලිවලට කැඩෙන්න, යළි ත්‍රස්‌තවාදය ඇති කරන්න ජාතිවාදය, ආගම්වාදය ඇති කර ඉරාකයේ, ලිබියාවේ, සිරියාවේ එහෙමත් නැත්නම් ඊජිප්තුවට කරපු විදිහට මේ රට අස්‌ථාවර කරන්න ඉඩ තියන්න පුළුවන් කමක්‌ නැහැ. ඒ නිසා ඔබ සූදානම් වන්න. ඒ සඳහා ඔබ අප සමඟ අත්වැල් බැඳගන්න. ඔබ සියලුදෙනා අත්වැල් බැඳගෙන එක්‌සේසත් කරපු රට රැකගන්න ඔබට තියෙන්නේ ලබන අටවැනිදාට බුලත් කොළය ඉදිරියේ කතිරය ගහලා මේ රට දිනවන්න කටයුතු කිරීමයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා -

2010 ඉඳල යූඑන්පී අපේක්‍ෂකයෙක්‌ ජනාධිපතිවරණයට ආවේ නෑ. යූ.එන්පීය නිදිකරලා, 2010 වගේ මෙවරත් ජනාධිපතිවරණයට තවත් රූකඩයක්‌ පත්කරලා. මොහු පිටුපස දෙන්නෙක්‌ ඉන්නවා. එක්‌කෙනෙක්‌ චJද්‍රිකා මහත්මිය. අනෙක්‌ කෙනා රනිල් මහත්තයා. මේ රූකඩයේ නූල අදින්නේ ඒ දෙන්නා බව අමතක කරන්න එපා. මේ දෙන්නම රට පාලනය කළා. නමුත් රටට සාමය ගේන්න බැරිවුණා.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2005 බලයට පත්වෙලා ඉතා කෙටි කලකින් රටට සාමය දිනා දුන්නා. එදා එතුමා ගත් නිර්භීත තීන්දුව නිසා අද අපට රටක්‌ තිබෙනවා. මේ රට දිනා දුන් නායකයා හිරකාරයෙක්‌ බවට පත් කරන්න රනිල් - චJද්‍රිකා දෙපළ කැසකවනවා.

මේ රට නිදහස්‌ නිවහල් රටක්‌ කරන්න රණවිරුවන් කීදෙනෙක්‌ ජීවිත පුද කළාද? මේ පළාතේ තමයි වැඩිම පිරිසක්‌ යුද්ධයට ගිහිල්ලා රට වෙනුවෙන් දිවි පිදුවේ. ජනාධිපතිතුමා යුද්ධය නිම කර දුන් නිසා අද අපි කවුරුත් සැනසීමෙන් ඉන්නවා. රටට දැවැන්ත සේවයක්‌ කරපු ජනාධිපතිතුමා ආරක්‍ෂා කිරීම අප කාගෙත් යුතුකමක්‌. සිරිසේන මහත්තයා ද්‍රෝහි වැඩක්‌ කරයි කියලා හිතුවේ නෑ..

චJද්‍රිකා මහත්මිය අද කියනවා යුද්ධයෙන් සියයට 75 ක්‌ එයාගේ කාලේ ඉවර කළා කියලා. බංබුවක්‌ ඉවර කළා. එයාගේ පාලන කාලයේ තමයි පුනරින් අලිමංකඩ හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළේ. ගුවන් තොටුපළට මහ බැංකුවට ගැහුවේ.

අප රටේ හිටපු ජනාධිපතිවරු විශ්‍රාම ගියාට පසු දේශපාලනය කතා කළේ නෑ. ගෞරවනීය ලෙස ජීවත් වුණා. ඒ ගෞරවනීය පුරුද්ද චJද්‍රිකා මහත්මිය වෛරය නිසා ඉවත් කරගෙන. රට දිනා දුන් ජනාධිපතිතුමා 3 වැනි වරටත් ජනාධිපති කළ යුතුයි. එතුමාට තවත් රටට විශාල වැඩ කොටසක්‌ කරන්න තියෙනවා.

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා-

මේ ජනාධිපතිවරණයේ එක්‌සත් ජාතික පාක්‍ෂිකයෝ බලාගෙන සිටියා අලියට කතිරය ගහන ජනාධිපතිවරණයක්‌ එයි කියලා. ගම්වල යූඑන්පී කාරයෝ 2010 හම්බ නොවුණු අලියා 2015 හරි හම්බවෙයි කියලා බලාගෙන හිටියා. බලාගෙන හිටියට අලිය හම්බ වුණේ නෑ. 2010 පරාද වුණු පාත්තය තමයි 2015 දී නැවත හම්බ වුණේ. එජාප පාක්‍ෂිකයාට, පරාජයේ සංකේතය පාත්තයා.

අලියට ගෙඡ්ජි පළන්දලා ඇඳුම් අන්දලා පෙරහැරේ වඩම්මලා අලිය රජ කරවන්න බලාගෙන හිටපු එක්‌සත් ජාතික පාක්‍ෂික ගම්වල මිනිස්‌සු පාත්තය මොකටද අපිට. අපිත් එකතුවෙනවා බුලත් කොළයට. කියමින් අද මුළු රටේම මහත් පෙරළියක්‌ වෙනවා.

ඉතිහාසයේ පළමු වතාවට ඒ මෙවර ජනාධිපතිවරණය විකට ඇඳුම් තරගයක්‌ බවට පත්වෙලා. ජනාධිපතිවරණ කීයක්‌ මේ රටේ තිබුණාද? නමුත් ඒවා විකට ඇඳුම් තරගයක්‌ බවට පත්කර ගත්තේ නෑ. සිරිසේන මහත්තයා පටන්ගත්තේ වැරදි ඇඳුම ඇඳලා. තමන්ට ගැළපෙන උචිත ඇඳුම අඳුනගන්න බැරි කෙනා කොහොමද රටකට කෙරෙන්න ඕනෑ දේ හඳුනා ගන්නේ. තමන්ට සුදුසු ඇඳුම හඳුන ගන්න බැරි කෙනා කොහොමද රටකට ඕන නැත්තේ මොනවද කියලා හඳුන ගන්නේ. ඒකෙන් පේන්නේ සිරිසේන මහත්තයා අනුන් දෙන ඕනෑම ඇඳුමක්‌ අඳින්න ලෑස්‌ති බවයි. දෙන ඕනම ඇඳුමක්‌ අඳිනවා. මෝදිගේ ඇඳුම ඕන නම් මෝදිගේ ඇඳුම අඳිනවා. චන්ද්‍රිකා හැට්‌ටයක්‌ දුන්නොත් ඒකත් අඳියි. එහෙම නායකයෙක්‌ද මේ රටට ඕන. එවැනි අයට මේ රට දෙන්න පුළුවන්ද?

ඒ විතරක්‌ නොවෙයි කියන තරමක්‌ කියන්නේ එකිනෙකට පටහැනි දේවල්. මේ හවුල හැදුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා යහපාලනය ඇතිකරලා ප්‍රජාතන්ත්‍රවාදය දෙනවයි කියලයි. මේ හොර හවුල හැදුවේ සිංගප්පූරුවේ. මේ පැත්තෙන් රනිල් ගියා, චන්ද්‍රිකා ගියා, මංගල ගියා, චම්පික ගියා, සිරිසේන එයා ඒ පැත්තෙන් ආවා. කොටි හිතවාදී උන් හදපු ඇමැති මණ්‌ඩලයේ 13 ක්‌ සිංගප්පූරුවේ හිටියේ. ඒ බඩු ටික එහෙන් එන්නයි මේ බඩු ටික මෙහෙන් එන්නයි මොකද්ද තියෙන සම්බන්ධය. කොහොමද කොළේ වහල ගහපු ගැහිල්ල. සිංගප්පූරු ඩීල් එක තමයි හොඳම මෙගා ඩීල් එක. තව තොරතුරු එළිවෙන ජාමෙට වගේ තව තොරතුරු ඉස්‌සරහට එයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සෝභිත හාමුදුරුවෝ ඇතිකරපු සටන් පාඨය දැන් අතහැරලා අහෝසි වෙන්නේ 18 වැනි සංශෝධනය පමණයිලු. වෙනස්‌ කරන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ඇති කළ සංශෝධනය පමණයි කියලා දැන් කියන්නේ. ඡේ. ආර්. මහත්තයා ඇතිකරපු මේ ජනාධිපති ක්‍රමයට මොකුත් කරන්නේ නැතිලු. සෝභිත හාමුදුරුවෝ ගෙනාපු සටන් පාඨයට මොකද වුණේ. දැන් රනිල් මහත්තයා යූ.එන්. පී. කාරයන්ට දෙනවා ඉඟියක්‌ සිරිසේන ජනාධිපති කරන්න එපා කියලා. ඒක කරන්නේ වහෙන් ඔරෝ භාෂාවෙන් කියන දේ යූඑන්පී පාක්‍ෂිකයන්ට තේරෙනවා.

මේගොල්ලො තෝරපු මූලික සටන් පාඨයට පස්‌ස හරවලා ඉවරයි. පටන්ගන්න කොටම ඒ සටන් පාඨය අඩක්‌ පැත්ත හරවලා ඉවරයි. ඒකට එහෙමනම් ඉතුරු ඒවට කවර කතාද?

සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතා - මේ ජනහමුවට සහභාගි වී සිටින අති විශාල පිරිස දැක්‌කම ලබන 8 වැනිදාට මේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා 3 වැනි වරටත් ජනාධිපති වන බවට සහතිකය දීලා. සමහරු මගෙන් අහනවා මහින්ද රාජපක්‍ෂ මහත්තයට සහයෝගය දෙන්න එ.ජා.ප. යේ මහලේකම් කමින් අයින්වෙලා ආවේ ඇයි කියලා. එකම හේතුවයි තියෙන්නේ. වෙන එකක්‌ නැහැ. සිරිසේන මහත්තයා එ.ජා.ප. ය, හෙළ උරුමය, දෙමළ සන්ධානය බස්‌ එකේ දාගෙන මේ යන ගමන 8 වැනිදාට කෙළවර වන්නේ කනත්තෙන්. ඒ නිසා මම කනත්තේ ගේට්‌ටුව ළඟින් බැහැලා ජනාධිපතිතුමාව දිනවන්නයි මම මෙතනට ආවේ.

මේක කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට ආපුවම රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා සිරිසේන මහත්තයා අපේක්‍ෂකයා කරන්නේ ආණ්‌ඩුවෙන් 25 දෙනෙක්‌ අරගෙන ආවොත් විතරයි කියලා පොරොන්දු වුණා. නමුත් අදටත් නැහැ. මේ තුන්දෙනෙක්‌ හතරදෙනෙක්‌ අරගෙන ආපු සිරිසේන මහත්තයට එ.ජා.ප. යේ ඡන්ද වලින් ජයග්‍රහණය කරන්න පුළුවන්ද? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කිව්වා. එහෙම කියලා පැය 48 ක්‌ යන්න කලින් රතන හාමුදුරුවෝ කියනවා සම්පූර්ණයෙන් අහෝසි කරන්නේ නැහැ කියලා. සිරිසේන මහත්තය අවුරුදු 6 ක්‌ ජනාධිපති ධුරයේ ඉන්නවා කියලා කියනවා. ජනතාවට පෙළගස්‌සපු සටන් පාඨ දැන් එකින් එක හකුලා ගන්නවා. රනිල් අගමැති කරනවා කිව්වා. ඒක කිව්වේ එක සැරයයි. ඒකත් ඊට පස්‌සෙ හකුලා ගත්තා. දැන් අගමැතිකම චන්ද්‍රිකා මහත්මියට දෙන්න යන්නේ. මේ ලෑස්‌තිවෙන්නෙ චන්ද්‍රිකා නැවත වාඩිකරවලා රට මහා පාවාදීමක්‌ කරන්නයි. හොර ගිවිසුම් වලින් රටේ ස්‌වාධිපත්‍ය පාවා දීමටයි මේ යන්නේ.

වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහතා - ගල්ලෙන බිඳලා ලෙන් දොර ඇරියා. සිංහයෝ වරෙව් කිව්වා. එක සිංහයෙක්‌ ගියේ නෑ. නරි එක්‌ක සිංහයෝ එක්‌වෙන්නේ නෑ. පිවිතුරු හෙටක්‌ හදන්න ගියා. මේ තියෙන වෛරයත් එක්‌ක පිවිතුරු හෙටක්‌ නොවෙයි අපවිත්‍ර හෙටක්‌ හදන්න වෙන්නේ.

සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතා - මේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙරාතුව සිට අපි බලා සිටියා ජනාධිපතිතුමා සමග තරගෙට එන බිලි බෝයි කවුද කියලා. මේකට ආවේ අපේ හිටපු ලේකම්. දැන් එයා මෝදිට ඇඳගෙන ගමින් ගමට ගොස්‌ වෛරය වපුරනවා. මේ රට යළි ආපස්‌සට හැරවීමේ කුමන්ත්‍රණය පරාජය කරන්න මුළු රටම සූදානමින් ඉන්නේ. බිඳුණු දේශය එක්‌සේසත් කළ නායකයාට සහයෝගය දීම අපේ වගකීමක්‌.

ජ්‍යෙෂ්ඨ ඇමැති එස්‌. බී. නාවින්න, පළාත් පාලන නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්‌ඩාර, පළාත් සභා මන්ත්‍රී අතුල විඡේසිංහ යන මහත්වරුද කතා කළහ.

No comments:

Post a Comment