Dec 19, 2014

19 Dec 2014
මැතිවරණ වැඩවලට සෘජුව සම්බන්ධ වන නිලධාරීන් උත්සවවලට එපා
- මැතිවරණ කොමසාරිස්‌ දන්වයි
ජනාධිපතිවරණ ඡන්ද විමසීමට සෘජුව සම්බන්ධ වන තේරීම්භාර නිලධාරීන්ට (දිසාපතිවරුන්ට) දේශපාලනඥයන් සහභාගි වන රාජ්‍ය උත්සව සඳහා ආරාධනා නොකරන ලෙස මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දන්වා ඇත.
රාජ්‍ය උත්සවවලට දේශපාලනඥයන් සහභාගි කර ගැනීමෙන් වළකින ලෙසද මෙම උත්සව පවත්වන ස්‌ථානවල ජාතික කොඩිය පමණක්‌ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලෙසද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.
ජනාධිපති අපේක්‍ෂකයින් ප්‍රවර්ධනය කෙරෙන දැන්වීම් පුවරු, කටවුට්‌, ධජ පතාක, බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීම වැළැක්‌වීමට පියවර ගන්නා ලෙසද එහි දැක්‌වේ.

No comments:

Post a Comment