Dec 19, 2014

19 DEc 2014
මැතිවරණ පැමිණිලි විභාගයේදී පොලිසියට බලපෑම්
හේමන්ත රන්දුණු
පොලිස්‌ දෙපාර්තමේන්තුවට සම්බන්ධයක්‌ නැති එක්‌තරා නිලධාරියකු විසින් ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ට සහ පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්ට කථා කරමින් මැතිවරණ පැමිණිලි විභාග කිරීම්වලට බාධා එල්ල කිරීම නිසා පොලිස්‌ නිලධාරීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති. ජනාධිපතිවරණයේදී පොලිසිය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මෙම නිලධාරීයා විසින් ලිඛිතව සහ වාචිකව පොලිස්‌ නිලධාරීන්ට බලපෑම් එල්ල කරන බව වාර්තා වෙයි.
රට පුරා ඉදිකර ඇති කටවුට්‌ බැනර් ඉවත් නොකරන්නැයි කියමින් මෙම නිලධාරියා ඇතැම් පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්ට බලපෑම් කර ඇති බවද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියි.
පොලිස්‌පතිවරයාගේ නියෝගවලට පටහැනිව ක්‍රියා කරන මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය පිළිබඳව පොලිස්‌ නිලධාරීන් සිය අප්‍රසාදය පළ කර සිටිති.
ඇතැම් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවන්ට සම්බන්ධ දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම කල් දමන ලෙසද මොහු පොලිස්‌ නිලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

http://www.divaina.com/2014/12/19/news02.html

No comments:

Post a Comment