Dec 19, 2014

19 Dec 2014
රාජ්‍ය සේවයේ ස්‌වර්ණමය යුගය දැන් ගතවේ
- ජනපති මුලතිව්හිදී කියයි
රාජ්‍ය සේවයේ ස්‌වර්ණමය යුගය මේ යුගය බවත් රාජ්‍ය සේවයේ යෙදෙන අයට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට අප රජය බැඳී සිටින බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (18 වැනිදා) මුලතිව්හි පැවැති ජනහමුවකදී පැවසීය.

රාජ්‍ය සේවයේ ගෞරවය ඇතිකර ඔවුන්ට බියෙන් සැකෙන් තොරව සේවය කිරීමට අවස්‌ථාව සලසා දුන් බව පැවසූ ජනාධිපතිවරයා ලක්‍ෂ තුනකට අඩු කිරීමට නියමිතව තිබූ රාජ්‍ය සේවකයන් ලක්‍ෂ පහළොව දක්‌වා වැඩි කිරීමට පියවර ගත් බවත් පැවසීය.
ලබන වසරේදී තවත් තරුණ තරුණියන් එක්‌ලක්‍ෂ පනස්‌ දහසක්‌ දෙනාට රාජ්‍ය සේවයට එක්‌වීමට ඉඩ දීමට අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ද සඳහන් කළේය.
අපි ජාතීන් වශයෙන් බෙදී සටන් කළොත් ජාතීන් වශයෙන් වෛරයෙන් කටයුතු කළහොත් රටත් ජාතියත් ඔබත් දියුණු වන්නේ නැතැයි ජනාධිපතිවරයා කියා සිටියේ ය. සියලු ජාතීන්ට හා ආගම්වලට එකට අත්වැල් බැඳගෙන යා හැකි සමාජයක්‌ ගොඩනගන බවද හෙතෙම පැවසීය.
මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ හා පක්‍ෂ කිහිපයක ක්‍රියාකාරී සාමාජිකයෝ තිස්‌එක්‌ දෙනෙක්‌ ජනාධිපතිවරයාට සහාය පළ කරමින් සන්ධානයට එක්‌වූහ............

http://www.divaina.com/2014/12/19/news06.html

No comments:

Post a Comment