Dec 19, 2014

19 Dec 2014
සිම රාජ්‍ය ආයතනයක ඡන්ද ප්‍රචාර වැඩ තහනම්
මැකො දැනුම් දෙයි 
කිසිම රාජ්‍ය ආයතනයක ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් වෙනුවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු කිරීම හෝ රැස්‌වීම් පැවැත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා ආයතන ප්‍රධානීන්ට ඊයේ (18 දා) දැනුම් දී තිබේ.
මේ අනුව රජයේ හෝ පළාත් සභා කාර්යාල හෝ රජයේ පාසල්, පළාත් පාලන ආයතන හෝ වෙනත් රාජ්‍ය සංස්‌ථා, මණ්‌ඩල සතු ආයතනවලට මෙම නීතිය බලපැවැත්වෙයි.
ඡන්දය ආයාචනය කිරීම, අත් පත්‍රිකා බෙදීම, රැස්‌වීම් පැවැත්වීම හෝ එවැනි වෙනත් කාර්යයන් වලින් වැළකී සිටීම අත්‍යවශ්‍ය බව සියලුම දේශපාලනඥයන්ට, ක්‍රියාකාරීන්ට හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට කොමසාරිස්‌වරයා දැනුම් දී තිබේ. 
මෙම නීති විරෝධී ක්‍රියාවලට ඉඩ නොදීම එම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව ද ඒ මහතා පෙන්වා දී තිබේ.
රාජ්‍යආයතනවල ගාස්‌තු අයකර රැස්‌වීම් පැවැත්වෙන ස්‌ථානවලට මෙම නීතිය බල නොපැවැත්වෙයි.


No comments:

Post a Comment