Dec 19, 2014

19 Dec 2014
නාධිපති අපේක්‍ෂකයන් රාජ්‍ය දේපළ
ප්‍රවර්ධන වැඩට යොදා ගන්න එපා

-
මැතිවරණ කොමසාරිස්‌ නියෝග කරයි
රාජ්‍ය දේපළ, රජයේ හා සංස්‌ථා වාහන ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ගේ ප්‍රවර්ධනය සඳහා යෙදවීමෙන් වළකින ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා චක්‍රලේඛයක්‌ මගින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍ර්‍රධානීන්ට නියෝග කොට ඇත.

ලංගම බස්‌ රථ ජනාධිපති අපේක්‍ෂකයින්ගේ ප්‍රවර්ධන කටයුතුවලට යොදා ගැනීමෙන් වළකින ලෙසත්, මුදල් ගෙවා බස්‌ රථ ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් සහභාගි වන රැස්‌වීම්වලට පුද්ගලයන් ප්‍රවාහනය කිරීමට යොදවා ගෙන ඇත්නම් බස්‌ රථ සඳහා මුදල් ගෙවන ලද රිසිට්‌පත් හා ලිපි ලේඛන මැතිවරණ කාර්යාලයට යොමු කරන ලෙසද මැතිවරණ කොමසාරිස්‌ කාර්යාලය ලංකා ගමනාගමන මණ්‌ඩලයේ ප්‍රධානීන් ට දන්වා ඇතැයිද වාර්තා වේ.
පසුගිය දිනවල ජනාධිපති අපේක්‍ෂකයින් සහභාගි වන රැස්‌වීම් සඳහා ලංගම බස්‌ රථ යෙදවීම නිසා මගීන් හා රාජකාරි සඳහා යන කාර්යාල සේවක සේවිකාවන් මහත් දුෂ්කරතාවලට මුහුණ දුන්හ.

http://www.divaina.com/2014/12/19/news14.html

No comments:

Post a Comment