Dec 6, 2014


01 Dec 2014 -
මෛත්‍රීගේ වේදිකාවට
රතන හිමියෝ නගිති
http://www.divaina.com/2014/12/01/news02.html
කුෂාන් සුබසිංහ සහ කරුණාරත්න ගමගේ

ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කෙරෙන මංගල ප්‍රචාරක රැලිය ඊයේ (30 දා) පොලොන්නරුවෙන් ආරම්භ වූ අතර ඊට එක්‌ වූ මහා ජන ගංගාව හේතුවෙන් රැස්‌වීම් භූමිය සහ අවට ප්‍රදේශය එකම මිනිස්‌ හිස්‌ ගොඩක්‌ බවට පරිවර්තනය වී තිබිණි.

පොලොන්නරුව වටදාගෙයි පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පිරිස රැස්‌වීම පැවැති පොලොන්නරුව - මඩකලපුව මාර්ගයේ ජයන්තිපුර සිනමාහල අසල ක්‍රීඩාංගණය වෙත පැමිණියේ දහස්‌ සංඛ්‍යාත ජනතාව සමඟ පෙළපාලියකිනි.

ආගමික වතාවත්වලට සහ රැස්‌වීමට සහභාගිවීම සඳහා පැමිණි ජනකාය හේතුවෙන් අවට මාර්ග සියල්ලෙහි දැඩි වාහන තදබදයක්‌ ද ඇති වී තිබූ අතර මේ නිසා රැස්‌වීමට සහභාගිවීමට පැමිණි අමුත්තන්ට පවා සැතපුම් 2-3 ක්‌ පාගමනින් රැස්‌වීම් භූමිය වෙත ළඟාවීමට සිදුවිය.

සවස 3.30 ට පමණ ජනහමුවේ කටයුතු ආරම්භ වූයේ මෛත්‍රීපාල සිරිසේන, එජාප නායක රනිල් වික්‍රමසිංහ, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වය ඇතිවය.


No comments:

Post a Comment