Dec 6, 2014


01 Dec 2014   මෛත්‍රීපාල සිරිසේන
සර්ව පාක්ෂික ආණ්ඩුවක් : බලය පාර්ලිමේන්තුවට
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුජන අපේක්ෂකයා කිරීමේ අබෝධතා ගිවිසුමට අත්සන් කළ මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක     රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන හා සිවිල් සංවිධාන නායකයෝ දෙවසරකට නොඅඩු කාලයක් සර්ව පාක්ෂික රජයක් පිහිටුවන බවට ප්‍රතිඥා දුන්හ.
වහාම ඉටු කළ යුතු පොරොන්දු හතරක් ඔවුහු  ඉදිරිපත් කළහ.
  1. විපක්ෂ පොදු අපේක්ෂකයා බලයට පත්වී දින සියයකින්  වත්මන් විධායක ජනපති ක්‍රමය අහෝසි කෙරේ. ඒ වෙනුවට මහජනයාට වග කියන පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් ස්ථාපිත කෙරේ.

  1. පාර්ලිමේන්තු පාලන ක්‍රමය යටතේ ජනපති ජාතික සමගියේ සංකේතයක් වනු ඇත.එම තනතුරට සුදුසු රාජකාරී හා බලතල පැවරෙනු ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 18 වැනි සංශෝධනය අහෝසි කැරේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා අත්‍යාවශ්‍ය වන අධිණය,පොලීසිය , රාජ්‍ය සේවය ,මැතිවරණ කොමිසම,  නීතීපති ,විගණකාධිපතිගේ  ස්වාධිනත්වය තහවුරු  කැරේ. ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය තව දුරටත් ශත්කිමත් කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාද පිහිටැවේ. වත්මන් සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කැරේ.

  1. සියලු ජන කොටස් හා  දේශපාලන මත සාධාරණ ලෙස නියෝජනය වන අයුරින් නව ඡන්ද ක්‍රමයක් හඳුනා දෙනු ඇත. වැඩි ඡන්ද ලබන පුද්ගලයා ජය ගන්නා පදනම මත හැම ආසනයකටම මන්ත්‍රීවරයකු සිටීම තහවුරු කරමින් සමානුපාත නියෝජනයද ඇති සම්මිශ්‍රන ක්‍රමයක් ඇති කෙරේ.

  1. පෞද්ගලික හා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රමාණවත් පරිදි වැඩි කැර පීඩාකාරී ජිවන වියදමින් මහජනයාට සහන   සලසා දෙනු ඇත. කාර්මික, කෘෂිකාර්මික,වැවිලි ,ධිවර හා සුළු කර්මාන්ත ආර්ථිකය වැඩි දියුණු කර දේශිය නිෂ්පාදනයට සාධාරණ මිලක් තීරණය කරනු ලැබේ.නොසලකා හැරුණු කණ්ඩායම් හා දුප්පතුනගේ  ආර්ථික දියුණුව සඳහා ක්‍රියාකාරි සමාජ ආරක්ෂණ ජාලයක් ඇති කැරේ. කාන්තාවන් ළමයින් වැඩිහිටියන් විශ්‍රාමිකයන් හා ආබාධිතයින් ගැන විශේෂ සැලකිල්ලක් දැක්වේ.
  2. http://www.lankadeepa.lk/index.php/top_story/279084

No comments:

Post a Comment