Dec 6, 2014

02 DEc 2014 JHU
හෙළ උරුමයත් මෛත්‍රීට වැඩ
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට තීරණය කළ බව ජාතික හෙළ උරුමය කියයි.
පිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකදී පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.
විපක්ෂයේ ජනපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන,ජාතික හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල,බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද මේ අවස්ථාවට එක්වුහ.
RDS_1470
http://www.lankadeepa.lk/index.php/articles/279395
..........................................................................

වැඩපිලිවෙල පොදුනම් රනිල් අගමැතිවීම ගැන අපේ විරුද්ධත්වයක් නෑ. (audio)

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව බිහිවන සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැතිධුරයට පත් වීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයට  විරුද්ධත්වයක් නැති බව පාඨලි චම්පික රණවක මහතා පවසයි.
එසේ රනිල් වික්‍රසිංහ මහතා අගමැති ධුරයට පත්වීම  සිදුවන්නේ ශ්‍රීලනීපයේද සහයෝගයෙන් වන අතර එවිට ඔහුට ක්‍රියාත්මක වන්නට සිදුවන්නේ පොදු වැඩපිළිවෙල අනුව බවත්  චම්පික රණවක මහතා අද(02) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ජාතික හෙළ උරුමය ඊයේ අත්සන් කරන ලද  එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණු අතර මේ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී විය. ජාතික හෙළ උරුමය වෙනුවෙන් ඕමල්පෙ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිළ, නිශාන්ත වර්ණසිංහ ඇතුළු පිරිසක් සහභාගී විය.
 එම අවස්ථාවේ සම්පූර්ණ හඬ පටයට පහතින් දක්වා ඇත.
http://sinhala.theindependent.lk/index.php/news2/6950-helams

...................................................................................................................................

JHU announces conditional support to Maithripala

 
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=115258

No comments:

Post a Comment