Dec 6, 2014


01 Dec 2016  ජනාධිපති
හිසේ ඇම්මට කොට්‌ටා මාරු කරනවා වගේ
ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්නට බැහැ

- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 

අනුර බාලසූරිය

දින සියයකින් ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ කරන්න පුළුවන් නම් එය පුදුමයට කරුණක්‌. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ එහෙම ආවාට ගියාට වෙනස්‌ කරන්න බැහැ. හදිසියේ ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ කළ හොත් විශාල ප්‍රශ්න ඇතිවෙනවා. හිසරදයට කොට්‌ටෙ මාරු කරනවා වගේ මේවා කළ නොහැකි යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. අද තියෙන එකම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නම් එයත් කළ හැක්‌කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ තිබෙන තමන්ට බවත් බණ්‌ඩාරනායක මැතිනිය ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන වෙලාවේ කොල්වින් ආර් ද සිල්වා මහතා අවුරුදු දෙකක්‌ පාර්ලිමේන්තුවේ ඒ ගැන කතාකර එය වෙනස්‌ කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හදිසියේ ව්‍යවස්‌ථා වෙනස්‌ කිරීමෙන් විශාල ප්‍රශ්න ඇතිවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ස්‌වාමීන්වහන්සේලා හා රටම විරෝධය පාන අවස්‌ථාවේ 13 වැනි වගන්තිය පැය 24 න් හඳුන්වා දුන් බවත් එය අදටත් විසඳී නැති බවත් පැවසීය

http://www.divaina.com/2014/12/01/news05.html

No comments:

Post a Comment