Dec 6, 2014

01 Dec 2014  මෛත්‍රිපාල සිරිසේන

මගේ කටවුට්‌ ඇත්තේ ජනතාවගේ හදවතේ
පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන
පොළොන්නරුවේදී වැඩ අරඹමින් කියයි

ශ්‍රීලනිපය වෙනුවෙන් කතා කරන්නේ
යූඑන්පියෙන් ගිය අයයි

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
මේ ජන ගඟ දැක්‌කම මහින්ද මහත්තයට අද
රෑට නින්ද නොයන බව නම් විශ්වාසයි

පා.ම. අතුරලියේ රතන හිමි

http://www.divaina.com/2014/12/01/news20.html
බියෙන් සහ නිවටකමින් ජීවත් වෙනවට වඩා වීරයෙක්‌ ලෙස මියයන එක හොඳ යෑයි ද තමාගේ කටවුට්‌ ඇත්තේ ජනතාවගේ හදවතේ යෑයි ද එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස තරග කරන මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (30 වැනිදා) පොලොන්නරුවේදී පැවැසීය.

ජනාධිපතිවරණය ඉලක්‌ක කරගෙන මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැත්වූ පළමු ප්‍රධාන ජනහමුව වූ එම රැස්‌වීම පොලොන්නරුවේ මඩකලපු මාර්ගයේ ජයන්ති ශාලාව ඉදිරිපිටදී අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

සුපිරිසිදු නායකත්වයක්‌ සමඟ මෛත්‍රී පාලනයක්‌ යන තේමාව මුල්කරගෙන ජනහමුqව සංවිධානය කර තිබිණි.


එහිදී තවදුරටත් කතා කළ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

"සබ්බ පාපස්‌ස අකරණං
කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානු සාසනං"

තමුන්නාන්සේලාට වගේම අද මටත් පොලොන්නරු දේශපාලනයේ සුවිශේෂී දවසක්‌. අප විසින් පත් කළ නායකත්වය වැරදි ගමනක යන නිසයි අද අපට මෙවැනි තීරණයක්‌ ගැනීමට සිදුවුණේ. රණවිරුවන්ගේ ලෙයින් තෙත් වූ මේ රටට සාමය උදාවුණත් නිසි මාර්ගයේ රට ගමන් කළේ නැහැ. නීතියේ ආධිපත්‍යය, අපේකම සියල්ල විනාශ කර රාජපක්‍ෂ පාලනය යටතේ දූෂිත ගමනක්‌ කරා රට ඇදී එනවා. එයින් රට බේරා ගැනීමට මං ජනාධිපතිතුමාට ලියුම් ලිව්වා. දූෂණයට, වංචාවට, අයුක්‌තියට එරෙහිව කතා කළා. එතකොට මට කිව්වේ ආණ්‌ඩුවේ ඉඳන් ඕවා කතා කරන්න එපා කියලයි. ඇමැතිවරයෙක්‌ කියන දේ මේ ජනාධිපතිතුමා අහන්නේ නැහැ. මම කියන දේ පිළිගත්තෙ  නැහැ. මගේ හෘදසාක්‍ෂිය අනුව ඒ නායකයන් ආරක්‍ෂා කිරීමට, ඔවුන්ගේ පදයට නැටීමට මට පුළුවන්කමක්‌ නැහැ. ඩී. එස්‌. සේනානායක මහතා මේ රටේ ගොවිජනපද ඇතිකරන විට හිතන්න ඇති තමාගෙන් පසුව මේ රටේ පාලනය ගොවිජනපද දරුවන්ට ලැබේවි කියා. 1956 විප්ලවයෙන් බිහි වූ ජන නායකයෙක්‌ ලෙස මං මගේ ඉදිරි පියවර තබනවා. ඒ ගැන කාටත් නොකිව්ව කියල දොස්‌ කියනවා. මේ තීන්දුව ගන්න විවෘතව එක එක්‌කෙනා එක්‌ක කොපමණ කතා කර කර හිටියා. මට මේ තීන්දුව ගන්න ලැබෙන්නේ නැහැ. බියෙන් සහ නිවටකමින් ජීවත් වනවාට වඩා වීරයෙක්‌ ලෙස මියයන එක හොඳයි. මම ආණ්‌ඩුවෙන් එළියට බැස්‌සේ මගේ ජීවිතය විතරක්‌ නොවේ මගේ බිරිඳගේ සහ දරුවන් තුන්දෙනාගේ ජීවිතත් උකසට තබමිනුයි. ඡේ. ආර්. ජනාධිපතිතුමා තුනෙන් දෙකේ බලය පාවිච්චි කළේ එම යුගයේ අවශ්‍යතාවය අනුවයි. ඒත් වත්මන් ජනාධිපතිතුමා තුනෙන් දෙකේ බලය පාවිච්චි කරන්නේ වැරදි ගමනක්‌ යැමටයි. වල්නාශක, කෘමිනාශක අයින් කරන්න මම කොච්චර මහන්සි වුණත් ආණ්‌ඩුවෙන් ඊට ඉඩක්‌ ලැබුණේ නැහැ. වකුගඩු රෝගීන් අද එන්න එන්න වැඩි වෙන්නේ ඒ නිසයි. සමනළ කන්දේ, සීගිරි කන්දේ, සිංහරාජ වනාන්තරයේත් කටවුට්‌ ගහන්න කියල ජනාධිපතිතුමාට කියනවා. මට කටවුට්‌ ගහන්න දෙන මුදල් මං වකුගඩු රෝගී අරමුදලට පරිත්‍යාග කරනවා. මගේ කටවුට්‌ එක ජනතාවගේ හදවතේ තිබෙනවා. ගොවි විශ්‍රාම වැටුප ජීවත් විය හැකි මුදලකට සමාන ඉහළ මට්‌ටමකට ගේනවා. ගොවියාගේ කුඹුරට ඇළෙන් වතුර ටික එන විදිහට මේ රටේ වාරිමාර්ග හදනවා රජයේ සේවකයන්ට, ක්‍ෂේත්‍ර නිලධාරීන්ට, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මේ රජය ණය මුදලක්‌ යටතේ යතුරුපැදි ලබාදුන්නා. අපි හදන රජය යටතේ මම යතුරුපැදියේ ණය මුදල කපා දමා යතුරුපැදිය ඇත්තටම සහනයක්‌ ලෙස ලබා දෙනවා. උපාධිධාරීන්ට ලබා දී ඇති නොගැළපෙන රැකියා ඔවුන්ට ගැළපෙන රැකියා මට්‌ටමට පත්කිරීමට සමෘද්ධිලාභීන්ට ජීවත්විය හැකි මට්‌ටමේ දීමනාවක්‌ ලබා දෙනවා. රජය මේ කරන සංවර්ධන වැඩපිළිවෙළට අයත් ඇස්‌තමේන්තුවලට යන්නේ තුනෙන් එකක මුදලක්‌ පමණයි. ඒ නිසා රජය දැන් කරන සංවර්ධන වැඩ මීට වඩා තුන් ගුණයකින් අපේ රජයක්‌ යටතේ ඉටුකරනවා. එජනිස මැතිවරණ යාන්ත්‍රණය අද සම්පූර්ණයෙන් දෙදරලා ගිsහින්. තව එන්න ගත්තේ නැහැ. හෙට අනිද්දට බලාගන්න පුළුවන් තව කොච්චර එනවද කියලා. මේක නවත්වන්න කාටවත් බැහැ. මා මහින්ද රාජපක්‍ෂටත්, එම පවුලටත් ෙද්‍රdaහි වූවා නොවේ. මා ෙද්‍රdaහි වූවේ විධායක ජනාධිපති ක්‍රමයට, නාස්‌තියට, වංචාවට හා දූෂණයටයි. අර ඈත පෙනෙන නිල් අහසත් මේ මෑත පෙනෙන වෙල්යායත් එකතුවුණා වගේ තමයි ශ්‍රීලනිපයත් එජාපයත් එකතුවීම. මෛත්‍රිපාල විදේශ කුමන්ත්‍රණයකට අහුවෙලාලු. මාවත් කොටියෙක්‌ කරන්න හදනවා. පස්‌ වතාවක්‌ මා කොටි ප්‍රහාරයට ලක්‌වුණත් ඔබතුමන්ලාගේ පිනෙන් මට ජීවත් වෙන්න ඉඩ ලැබුණා. මහින්ද රාජපක්‍ෂ මහතා මේ හදන්නේ රටේ සියලු දේශපාලන පක්‍ෂ විනාශ කිරීමටයි. මහින්ද රාජපක්‍ෂ මහතා තුන්වැනි වතාවට බලය ඉල්ලන්නේ ඒ අරමුණටයි. ශ්‍රීලනිපය, එජාපය, ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුව, වෘත්තීය සමිති සියල්ල විනාශ කර රට ආඥදායක පාලනයකට ගෙනයැමටයි මේ නැවත වතාවක්‌ බලය ඉල්ලන්නේ. අහිංසාව රටේ නීතියක්‌ විය යුතුයි. ජනාධිපති තනතුරට පත් වී සිරිපාල ගම්ලත් මහතාව ආදරයෙන් වැළඳ ගන්නවා. මා කිසිවකුට වෛර කරන්නේ නැහැ.

එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා -

මේ ලෝකයේ විධායක ජනාධිපති ධුරය දරන්න පුළුවන් වාර දෙකයි. ඒaත් මේ මහින්ද රාජපක්‍ෂ මහතා තව වාරයක්‌ බලය ඉල්ලනවා. අපි එය නතර කරනවා. රටේ සල්ලි අරගෙන සාක්‌කුවට නොදාගත් නායකයෝ තමයි මේ රටේ සිටියේ. ඒ සම්ප්‍රදාය රාජපක්‍ෂ රෙජිමය ලඡ්ජ නැති විදියට කඩලා තිබෙනවා. එම ක්‍රමයට අපි තව ඉඩ දෙනවාද? ශ්‍රීලනිපය වෙනුවෙන් කතා කරන්නේ යූඑන්පියෙන් ගිය අයයි. මහින්ද රාජපක්‍ෂට අද ශ්‍රීලනිපය සෙකන්ඩ් හෑන්ඩ් එකක්‌. අපි බලාපොරොත්තු වූ යුගය නොවේ යුද්ධයෙන් පසුව රටට ලැබුණේ. මහින්ද රාජපක්‍ෂ ගමන මෙතනින් නතර කළේ නැත්නම් රටේ ජාතිය අපිට සමාව දෙන්නේ නැහැ. මේ දවස්‌ සියයේ වැඩසටහනට පසුව අපි පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා. මේ ඡන්දයෙන් පසුව අවුරුදු දෙකක්‌වත් අඩුම තරමේ රට පාලනය කරලා මේ රට හදන්න ඕන. අපිට ඕනෑ ඩී. එස්‌. සේනානායක උරුමයයි, බණ්‌ඩාරනායක උරුමයයි ආරක්‍ෂා කිරීමටයි.

අද බිහිවන අලුත් ගමනින් මෛත්‍රීපාල මහතා ජනාධිපති ලෙස පත් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා -

රට දුර්දාන්ත පාලනයෙන් මුදවන පළමු පියවර පොළොන්නරුවෙන් තබනවා. ජනතාවට සෙත සලසන යුගයක අවශ්‍යතාව රටේ තිබෙනවා. ගොවි ජනතාව අතුරින් මතුවුණ රෙද්ද බැනියම අඳින නිහතමානී ජන නායක මෛත්‍රීපාල මහතාට ඒ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. පුංචි තැනක ඉඳලා ඉහළම තැනකට යන්න ඒ මහතාට පුළුවන්. ගතේ තිබෙන දුක, දහදිය, කඳුළ හඳුනන ඒ මහතා මේ රටට ස්‌වර්ණමය යුගයක්‌ ගෙන එන බව විශ්වාසයි.

ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි -

මේ ජන ගඟ දැක්‌කට පස්‌සේ මහින්ද රාජපක්‍ෂ මහතාට අද රෑට නින්ද නොයන බව නම් විශ්වාසයි. රජය මගින් බෙදා දෙන පොහොරවල ප්‍රමිතිය සුදුසු නැති බවට අපි ජාත්‍යන්තර පරීක්‍ෂණ පවත්වා ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා. ජනාධිපතිතුමා ඒවා සත පහකට ගණන් ගත්තේ නැහැ. එතුමා හිටියේ කුණු පොහොර මිටි ගණන් ගෙනවිත් සාක්‌කුවට මුදල් දාගන්න වැඩපිළිවෙළේයි. යූ.එන්.පී., ශ්‍රී ල.නි.ප. භේදයක්‌ නැතිව මුළු රටම මේ රජය යටතේ සමගියට ගෙන එනවා.

හිටපු ධීවර ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර රාජිත සේනාරත්න මහතා -

කොටින්ගෙන් බේරා ගත් රට පවුල් වාදයෙන් බේරා ගැනීමේ සදාචාරාත්මක ගමනට අපි ප්‍රවේශය අරගෙන තිබෙනවා. බත් පැකට්‌ දීලා, සල්ලි දීලා මෙතනට ආව ජනතාව නොවෙයි ඔබ. මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අවංක වුවමනාවෙනුයි මේ ජනතාව අද අප ඉදිරියේ පෙළගැසී සිටින්නේ. පුලතිසිපුරයෙන් බිහි වුණු මේ ගොවි පුතා රජගෙදරට යවලා තමයි අපි නතර වෙන්නේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා -

යුද්ධය ජයග්‍රහණය කළ පමණින් මේ රට කොල්ල කන්න ඉඩ දෙන්න බැහැ. ඒක තමයි ජනාධිපතිතුමා මේ රටට කළ ලොකුම ෙද්‍රdaහිකම. පිට රට වලින් ගත් ණය, ඒ වගේම රටේ දේපළත් ජනාධිපතිතුමා කොල්ල කෑවා. ඒකත් ෙද්‍රdaහිකමක්‌ නොවේද? රටේ මළමිණී ගොඩනොගැසුණාට සැඟවුණු භීෂණයක්‌ අද තිබෙනවා. මේ වේදිකාව රටේ ඉතිහාසය වෙනස්‌ කරන වේදිකාවක්‌.

එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා -

මේ වේදිකාවේ ඉඳන් බැලුවහම මට පෙනෙන්නේ එකම හිස්‌ ගොඩක්‌. ශ්‍රීලනිපයේ බහුතරයක්‌ හා එජාපයේ හැමදෙනාමත් අනෙක්‌ දේශපාලන පක්‍ෂවල නියෝජිතයන් සහ සාමාජිකයන්ද එකතුවෙන් මේ පිරිස 25000 කට වැඩි යෑයි මට හිතෙන වා. මෛත්‍රි පාලනයක්‌ රටේ බිහිවන බවට ස්‌ථිරයි. සියය 1000 කින් ලබන වසරේදී ඉටුවෙනවා.

එජාප නායකත්ව මණ්‌ඩල සභාපති කරු ජයසූරිය මහතා -

පක්‍ෂයක්‌, පාටක්‌ ගැන හිතලා නොවේ අද අපි කතා කරන්නේ. මේ රටේ ගොඩගැසී තිබෙන කුණු ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌ අපි බිහි කරනවා. එජාපය එම ගමනේදී විශාල කැපවීමක්‌ කළා. ප්‍රජාතන්ත්‍රවාදී රටක මියයැමත් අනාගතයට ප්‍රජාතන්ත්‍රවාදී යුක්‌තිසහගත සමාජයක්‌ ගොඩනැගීමත් අපේ අරමුණයි. ගොවි පවුලකින් දේශපාලනයට පැමිණ රටට විශාල සේවයක්‌ පිරිසිදු දැතින් සිදුකළ නායකයෙක්‌ තමයි මෛත්‍රිපාල මහතා. මේ රටේ පාලනය මෛත්‍රියෙන්, කරුණාවෙන් කරගෙන යන්න එතුමාට පුළුවන්. වෛරී දේශපාලනයට ඉඩනොදී මෛත්‍රි පාලනයක්‌ ඇතිව රටේ නව යුගයක්‌ ඇති කරන්නට ඔබ සැමගේ සහය ඉල්ලා සිටිනවා.

උතුරු මැද පළාත් සභා හිටපු ඇමැති පේෂල ජයරත්න මහතා පිළිගැනීමේ කතාව කරමින් මෙසේ පැවැසීය.

රාජාණ්‌ඩුවෙන්, නිදහසින් පසු මෙරට බිහි වෙච්ච කොන්ද පණ ඇති එකම නායකයා මෛත්‍රිපාල සිරිසේන මහතායි. හැමෝම ආණ්‌ඩුවට දොස්‌ කිව්වට ආණ්‌ඩුවට එරෙහිව කොන්ද කෙළින් තියාගෙන තීරණයක්‌ ගන්න පුළුවන් වුණේ ඒ මහතාට පමණයි. අපි මේ ගමන නතර කරන්නේ රජරටින් රජෙක්‌ බිහි කරලායි.

එක්‌සත් ජාතික භික්‍ෂු පෙරමුණේ සභාපති බෝපිටියේ ධම්මිස්‌සර හිමි අනුශාසනාවක්‌ කරමින් මෙසේ වදාළහ.

මෛත්‍රිපාල සිරිසේන මහතා බොහෝම පාරිශුද්ධ චරිතයක්‌. ජාතික, ආගමික සහ සංස්‌කෘතික වශයෙන් මහා විප්ලවයක්‌ ලබන ජනවාරි 8 වැනිදාට කරනවා. රටේ තිබෙන පන්සල් 10000 න් 8000 කම විතර සහය මෛත්‍රිපාල මහතාට ලැබෙනවා. මේ රජයේ පවුලේ බලය නිසා තෙමි තෙමි බණ කියන්නට මහා සංඝරත්නයට අද සිදු වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා -

මෛත්‍රිපාල මහතාට පාර්ලිමේන්තුවේ කතා කරන්න ආණ්‌ඩුවෙන් ඉඩ දුන්නේ නැහැ. එතුමාව නොසලකා හැර තිබුණා. එතුමගේ ප්‍රශ්නත් කතා කරන්න සිදුවුණේ අපිටයි. ඒ පාලනය අපි අවසන් කරමු.

මව්බිම පක්‍ෂයේ නායක හේමකුමාර නානායක්‌කාර මහතාද මෙහිදී කතා කළේය.

ගෞරවනීය සංඝරත්නය ඇතුළුව හිටපු ඇමැති දුමින්ද දිසානායක, හිටපු නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, නලින් බණ්‌ඩාර, චන්ද්‍රdනි බණ්‌ඩාර, පී. රාජතුරෙයි, පී. හැරිසන්, ඌව විපක්‍ෂ නායක හරින් ප්‍රනාන්දු, කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල්, එජාප ජාතික සංවිධායක දයා ගමගේ, ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක්‌ සහභාගී වූහ.

No comments:

Post a Comment