Dec 6, 2014

04 Dec 2014  MS
ෆයිල් කිහිල්ලේ ගසාගෙන ඇමැති මණ්‌ඩලයක්‌ පාලනය කිරීම ලැඡ්ජා සහගත කාරණයක්‌
- ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොaන්සේකා

ෆයිල් කිහිල්ලේ ගසාගෙන ඇමැති මණ්‌ඩලයක්‌ පාලනය කිරීම ලැඡ්ජා නැති කාරණයක්‌ බවත් යුක්‌තිය, ධර්මය තුළින් රට පාලනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක්‌ වත්මන් පාලනයට නොමැති බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොaන්සේකා මහතා සඳහන් කළේය

http://www.divaina.com/2014/12/04/news33.html
........................................................................................................
මා ජනපති වී පැය කීපයකින් ෆොන්සේකාට
ප්‍රජා අයිතිය හා සියලු හිමිකම් ලබා දෙනවා
ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ හමුවේදී මෛත්‍රී කියයි

වත්මන් රජය විසින් අහිමි කරන ලද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය ඇතුළු සියලු වරප්‍රසාද හා හිමිකම් තමා ජනාධිපතිවී පැය කිහිපයකින් නැවත ලබාදීමට කටයුතු කරන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03 වැනිදා) පැවැසීය.

ජෙනරාල් තනතුර හා ඊට හිමි සියලු වරප්‍රසාද සහ විශ්‍රාම වැටුප එසේ ලබාදීමට කටයුතු කරන බවත් රජය විසින් ඉවත් කළ හිටපු හමුදාපතිවරයාගේ නාමය සඳහන් සමරුඵලක හා ඡායාරූප එම ස්‌ථානවල නැවත ස්‌ථාපිත කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.
සරත් ෆොන්සේකා මහතාගේ නාමය මකාදැමීමට රජය කටයුතු කළත් එය කිසිදා කළ නොහැකි බවත් ලොව බිහිසුණුම ත්‍රස්‌තවාදය පරාජය කළ ශ්‍රේෂ්ඨ රණවිරුවකු සමඟ එක්‌වීමට හැකිවීම ඉතාම සතුටක්‌ බවත් පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් හා සරත් ෆොන්සේකා මහතා අතර හිතවත්කම වසර 25 ක්‌ පැරණි බවත් කීය.
පොදු අපේක්‍ෂකයාට සහාය පළ කිරීම පිළිබඳව දැනුම්දීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය නාවල සෝලිස්‌ උත්සව ශාලාවේදී කැඳවා තිබූ හමුවකට එක්‌වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවැසීය

No comments:

Post a Comment