Dec 6, 2014

02 Dec 2014
රනිල් මෛත්‍රී චන්ද්‍රිකා සහ පිරිසගිවිසුමට අත්සන් තබති 
අකිත පෙරේරා
http://www.divaina.com/2014/12/02/news01.html
විධායක ජනාධිපති ක්‍රමය දින සියයක්‌ ඇතුළත සම්පූර්ණයෙන්ම අහෝසි කොට ජනාධිපති ධුරය රටේ ජාතික සමගියේ ප්‍රතිමූර්තියක්‌ ලෙස ස්‌ථාපිත කිරීම ඇතුළු ප්‍රධාන කරුණු හතරක්‌ සහ සෙසු කරුණු කිහිපයකින් සමන්විත අවබෝධතා ගිවිසුම සඳහා විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරු ඇතුළු පිරිසක්‌ කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී ඊයේ (01 දා) අත්සන් තැබූහ.

18 වැනි සංශෝධනය අහෝසි කොට නැවත ස්‌වාධීන කොමිෂන් සභා පිහිටුවීම, මනාප ඡන්ද ක්‍රමය වෙනුවට නව මැතිවරණ ක්‍රමයක්‌ ඇති කිරීම, ජනතාව මත පටවා ඇති අධික ජීවන බර සැහැල්ලු කොට රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට සවිස්‌තරාත්මක වැටුප් සංශෝධනයක්‌ කිරීම මෙම ගිවිසුමේ ප්‍රධාන කරුණු වේ. ඒවා දින සියයක්‌ ඇතුළත සිදු කෙරෙන බව ද මෙහි සඳහන් වේ.

"සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනහිතකාමී ආණ්‌ඩුකරණයක්‌ සඳහා පොදු මහජන න්‍යාය පත්‍රය ලෙස හඳුන්වා තිබූ විපක්‍ෂයේ මෙම අවබෝධතා ගිවිසුම සඳහා සුබ මොහොතින් ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්සන් තබනු ලැබීය.


ඉන් අනතුරුව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෙµdන්සේකා, අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද අනතුරුව සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ද ඊට අත්සන් තැබූහ.

විපක්‍ෂය නියෝජනය කරනු ලබන දේශපාලන පක්‍ෂ රැසක නායකයෝ සහ විවිධ සංවිධාන රැසක්‌ ද වෘත්තිකයන් ද මීට එකඟතාව පළකළහ.

කෙසේ වෙතත් පිවිතුරු හෙටක්‌ ජාතික සභාවේ කැඳවුම්කරු අතුරලියේ රතන හිමි හෝ හෙළඋරුමයේ සහ ජනතා විමුක්‌ති පෙරමුණ මෙම වේදිකාවේ දක්‌නට නොලැබිණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්Cධායනා මධ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පක්‍ෂ නායකයන් සහ විශාල ජන සහභාගිත්වයකින් යුතුව විපක්‍ෂයේ නායකයන් විසින් අත්සන් තැබූ මෙම අවබෝධතා ගිවිසුමේ සම්පූර්ණ කරුණු මෙසේය.

ශ්‍රී ලාංකිකයන් ලෙස අපි බැරෑරුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශවත් ප්‍ර්‍රජාතන්ත්‍රවාදී රටක්‌ ලෙස පිළිගෙන තිබූ ශ්‍රී ලංකාව වර්තමානය වන විට ශීඝ්‍රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්‍ෂිත ලෙස වාසය කළ නොහැකි තැනක්‌ බවට පත්වී තිබේ.

මෙම ෙ€දජනක තත්ත්වයේ ඉතාමත්ම පැහැදිලි මතුපිට ප්‍රකාශන වන්නේ

* නීතියේ පාලනය මුළුමනින්ම බිඳවැටීම

* ආණ්‌ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ ප්‍රජාතන්ත්‍රීය ආයතන පද්ධතිය ඛාදනය වී තිබීම

* සමාජ විෂමතාවය පෙර නොවූ විරූ ආකාරයෙන් පුළුල් වී සමාජ අසාධාරණය සමාජ පද්ධතියේ මූලික ලක්‍ෂණයක්‌ බවට පත්වී තිබීම.

* විවිධ වාර්ගික හා ආගමික කණ්‌ඩායම් අතර සහජීවනය බිඳවැටී අසමගිය සහ අවිශ්වාසය ව්‍යාප්ත වීම යනාදියයි.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන රට තුළ නැවත යහපත් ආණ්‌ඩුකරණය, සමාජ සාධාරණය, නීතියේ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිණිස පහත දැක්‌වෙන වැඩපිළිවෙළ ඉදිරිපත් කෙරේ. ඒ අනුව වර්තමාන ප්‍රජාතන්ත්‍ර විරෝධී අධිකාරවාදී හා දූෂිත පාලන තන්ත්‍රය පරාජය කොට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවීම සඳහා එළඹෙන ජනාධිපතිවරණයේදී සැමට එකඟවිය හැකි පොදු අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් කොට ජයග්‍රහණය කරවීමටත් ඉන් පසුව දින සියයක්‌ ඇතුළත පහත දැක්‌වෙන ක්‍ෂණික කාර්යයන් සම්පූර්ණ කිරීමටත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමයක්‌ පිහිටුවා නව පාර්ලිමේන්තුවක්‌ යටතේ සෙසු ඉලක්‌ක ගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා කටයුතු කිරීමටත් මේ මගින් යෝජනා කෙරේ.

එසේම පසුව කී ඉලක්‌ක සපුරා ගැනීම සඳහා වසර දෙකකට නොඅඩු කාලයක්‌ සඳහා සර්වපාක්‍ෂික ආණ්‌ඩුවක්‌ පිහිටුවනු ඇත.

ක්‍ෂණික කාර්යයන්

1. දැනට පවත්නා විධායක ජනාධිපති ක්‍රමය දින සියයක්‌ ඇතුළත සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතාවට වගකියන පාර්ලිමේන්තු ක්‍රමයක්‌ ස්‌ථාපිත කිරීම, අලුතින් ඇති කෙරෙන පාර්ලිමේන්තු ආණ්‌ඩු ක්‍රමය තුළ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර ජනාධිපති ධුරයට ඊට උචිත වගකීම සහ බලතල පැවරීමට ද ජනාධිපති ධුරය රටේ ජාතික සමගියේ ප්‍රතිමූර්තික්‌ ලෙස ස්‌ථාපිත කිරීම.

2. 18 වන සංශෝධනය අහෝසි කර, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය, මැතිවරණ බලධාරීන්, නීතිපති, විගණකාධිපති වැනි ස්‌වාධීනව කටයුතු කළ යුතු ආයතනවල සහ කොමිෂන් සභාවල ස්‌වාධීනත්වය නැවත ඇතිකර වඩාත් ශක්‌තිමත් කිරීම.

3. මනාප ඡන්ද ක්‍රමය මුළුමනින්ම අහෝසි කර සෑම මැතිවරණ ආසන කොට්‌ඨාසයකටම තමන්ගේම මන්ත්‍රීවරයකු ලැබෙන සහ සියලු ජනකොටස්‌ සහ දේශපාලන මතවලට නිසි නියෝජනයක්‌ ලැබෙන, පැරණි මන්ත්‍රී ආසන ක්‍රමයේ සම සමානුපාතික ක්‍රමයේ සම්පූර්ණයෙන් නව මැතිවරණ ක්‍රමයක්‌ ඇති කිරීම.

4. ජනතාව මත පටවනු ලැබ ඇති අතිමහත් ජීවන බර සැහැල්ලු කිරීම, ආර්ථිකයේ කාර්මික, කෘෂිකාර්මික, වැවිලි, ධීවර සහ සුළු කර්මාන්ත වැනි අංශ ශක්‌තිමත් කිරීම සහ දේශීය නිෂ්පාදනයන්ට සාධාරණ මිලක්‌ සහතික කිරීම, සමාජයෙන් කොන් වී ඇති සහ දිළිඳු ජනකොටස්‌ ද විශේෂයෙන්ම ස්‌ත්‍රීන්, ළමුන්, වැඩිහිටි ජනයා, විශ්‍රාමිකයන් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයන් ද ඉලක්‌ක කරගත් විශේෂ සහ ශක්‌තිමත් සමාජ ආරක්‍ෂණ දැලක්‌ ස්‌ථාපිත කිරීම.

මීට අමතරව පහත සඳහන් ඉලක්‌ක ජයගැනීම සඳහා ද යෝජිත දින සියය තුළදීම වැඩපිළිවෙළක්‌ දියත් කෙරේ.

* පෙර නොවූ විරූ ආකාරයෙන් සිදුවන මහා පරිමාණ වංචා දූෂණ, අල්ලස්‌ ගැනීම හා කොමිස්‌ ගැනීම මෙන්ම මහජන මුදල් නාස්‌තිකාර ලෙස අපහරණය කිරීම වැළැක්‌වීම සඳහා දැඩි විනිවිදභාවයකින් යුත් වගවීමේ ක්‍රමවේදයක්‌ ඇති කිරීම. එසේම සිදුවී ඇති අපහරණයන් පිළිබඳව නීතියට අනුව කටයුතු කිරීම.

* නීතියේ ආධිපත්‍යයට ප්‍රමුඛස්‌ථානය දීම, යහපාලනය මත ස්‌ථිරසාර ලෙස පදනම් වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්‌ථාපිත කිරීම, මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්‍ෂා කොට ප්‍රවර්ධනය කිරීම, මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබාගැනීමේ අයිතිය ද ඇතුළු අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සහ මානව ගරුත්වය ඇතිව ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම.

* සැමට මානව ගරුත්වය සහිතව ජීවත්වීමට ඇති අයිතිය තවදුරටත් ශක්‌තිමත් කිරීම සඳහා සුබසාධන රාජ්‍යය නැවත ස්‌ථාපිත කිරීම සහ විශේෂයෙන්ම ඉහළ මට්‌ටමේ නිදහස්‌ අධ්‍යාපන සහ නිදහස්‌ සෞඛ්‍ය සේවාවන් සඳහා සියලු පුරවැසියන්ට ඇති අයිතිය සහතික කිරීම.

* ශීඝ්‍රයෙන් වෙනස්‌ වන ලෝකයේ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණදීමට හැකිවන ලෙස තරුණ පරපුර සවිබල ගැන්වීම සහ විශේෂයෙන්ම ඉහළ මට්‌ටමේ රැකියාවන් සඳහා තරුණ පරපුර සූදානම් කිරීමට අවශ්‍ය තාක්‍ෂණික දැනුම, සෙසු නිපුණතා සහ පුහුණුව ඔවුන් වෙත ලබාදීම.

* සමාජ, සංස්‌කෘතික, ආර්ථික හා දේශපාලන ක්‍ෂේත්‍රයන්හි රටේ සියලු පුරවැසියන්ට, ගරුත්වය සහ සමාන අවස්‌ථා සහතික කිරීම.

* ශිෂ්ට සම්පන්න සහ සදාචාරාත්මක සමාජයක්‌ බිහිකිරීමට සහ විශේෂයෙන්ම දැනට ශීඝ්‍ර පරිහානියකට පත්ව ඇති රටේ දේශපාලන සංස්‌කෘතිය නඟාසිටුවීම.

ඉහත කී මහජන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කැපවන බවට පහත අත්සන් කරන දේශපාලන පක්‍ෂ කණ්‌ඩායම් සහ පුරවැසි සංවිධාන මේ මගින් සපථ කර කියා සිටී.

No comments:

Post a Comment